Published
මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රැම් 500කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකුගේ බෑගයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රැම් 300ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 18,000 ක මුදලක්ද එම සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 201ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් 24 සහ 29 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මාදම්පිටිය පොලීසිය පැවසුවේ.




