ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 166 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවි ලකුණු 165 ක් ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රාහි ලකුණු 166ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 4 ක් අවසානයේ කඩුළු 4ක් දැවි ලකුණු 22ක් රැස් කරගෙන සිටියා.

මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් මහා තරගය අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.

එහිදි ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් තරග වදිනවා.

ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහිදි පැවැත්වෙනවා.