Tuesday, May 14, 2024

General line - 0115112241

35 වසරක අනගි සේවාවක් සනිටුහන් කරන සුහද හදක් ඇති දේශීය බැංකුව




සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස මෙරට මහජනතාවට සමීපතම බැංකුවක් වන සෙලාන් බැංකුව සිය මහජන සේවාවේ අද සිය 35 වන වසර සම්පුර්ණ කරනු ලබනවා.

35 වසරක් පුරා සිය ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සපයමින්, විශිෂ්ඨත්වය සඳහා නොසැලෙන කැපවීමෙන් යුතුව ශ්‍රී ලංකාව සවිබල ගැන්වීම සඳහා අනගි මෙහෙවරක් ඉටුකරන බැංකු පද්ධතියක් බවට සෙලාන් බැංකුව මහජනතාවගේ විශ්වාසය දිනා සිටිනවා.

දිවයින පුරා විහිදුණු ශාඛා 500 කට අධික සේවා ස්ථාන මගින් මෙන්ම නව්‍යකරණය වූ ඩිජිටල් බැංකු පද්ධතිය තුල QR සහ ජංගම දුරකථන යෙදුම් හරහා සිය පාරිභෝගිකයින්ට පහසු ලෙස සිය දෛනික බැංකු අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබෙනවා.