Monday, May 6, 2024

General line - 0115112241

ඓතිහාසික ජයග්‍රහණයට අදට වසර 28ක්




අද මාර්තු 17 වනදායි.

අද දිනය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවන දවසක්.

ඒ, ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද වැනි දිනක වීම හේතුවෙන්.

1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව  කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කලා.

එම ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 28ක් සපිරෙනවා.

ලෝක කුසලානය දිනූ 1996 වසරේ එම ජය මුලු මහත් ශ්‍රී ලාංකිකයින්ම හදවතින් වැළද ගත්තා. වසර 28කට පසුව අදටත් ඒ ජයග්‍රහණයේ මතකය 

ශ්‍රී ලාංකිකයින්ගේ හදවතේ තිබෙනවාද?

අපි මහ පාරට ගොස් මිනිසුන්ගෙන්ම ඒ ගැන විමසා බැලුවා.