Friday, May 17, 2024

General line - 0115112241

FIFA පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පැපුවානිව්ගිනියාව අතර තරඟය අද




ජාත්‍යන්තර පා පන්දු සම්මේලනය මගින් පවත්වන FIFA Series 2024 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පැපුවානිව්ගිනියාව අතර තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙන තරඟය රාත්‍රී 08යි 45ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලිය අද දවසේ උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

FIFA Series 2024 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පැපුවානිව්ගිනියාව අතර තරඟය අද රාත්‍රී 08යි 45 සිට නෙත් ස්පෝර්ට්ස්මන් ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.