Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් හා එක්ව අලුත් අවුරුද්ද සමරයි




ශ්‍රීලංකන් ගුවන් සේවය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මගීන් හා එක්ව සැමරීම සඳහා සම්ප්‍රදායික 'කැවිලි' මේසයක් සංවිධානයකර තිබුනා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සෙරන්ඩිබ් විවේකාගාරයේදී 

කිරිබත් ,මුං කැවුම්, කොකිස්, දොදොල්, ආස්මි, අලුවා, උඳුවැල්, කැවුම් සහ අතිරස වැනි ලාංකේය කැවිලිවලින් මෙම අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගන්වා තිබු බවයි ශ්‍රීලංකන් ගුවන් සේවය පවසා සිටියේ.

තවද සම්ප්‍රදායට අනුකූලව, 'කැවිලි' මේසය මල් සහ බුලත් කොළ වලින් අලංකාර ලෙස සරසා තිබුනා.

එහි ජයාරූප කිහිපයක් පහතින්.