Friday, May 17, 2024

General line - 0115112241

බස් ගාස්තු අඩු කළ හැකිද? - තීරණයක් ගන්න අද සාකච්ඡා.




ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනය කළ හැකිද යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කෙසේවෙතත් බස් සංගම් ඊයේ නෙත් නිවුස් වෙත පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බවයි.

එබැවින් මෙවර අඩු වූ මුදල ගාස්තු සංශෝධනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව බස් සංගම්වල අදහසයි.  

ඒ අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුත්තේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී බව ඔවුන් පවසනවා.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණා.