රට තුළ ඉන්ධන හිගයක් හෙට දිනයෙන් පසු ඇති වීමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වලට අදාළව පනවා ඇති වැට් බද්ද හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බවයි. අදාළ වැට් බදු වාරික හෙට සිට ගෙවීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න.