Thursday, May 2, 2024

General line - 0115112241

රටට ඩොලර් රැගෙන ආ ඉස්සන් ව්‍යාපාරය අර්බුදයක

ජූඩ් සමන්ත




මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන දුන් ඉස්සන් ව්‍යාපාරය මේ වන විට කඩා වැටෙමින් පවතින බව ව්‍යාපාරිකයන් පවසනවා.

පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ ඉස්සන් ව්‍යාපාරය මේ වන විට මන්නාරම, මඩකලපුව සහ තංගල්ල ප්‍රදේශ දක්වාද ව්‍යාප්ත වී ඇති බවයි එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක ඉස්සන් පොකුණු සංඛ්‍යාව 27,000ක් පමණ වනවා. ඉස්සන් කර්මාන්තයෙන් පවුල් 60,000 කට වැඩි පිරිසක් යැපෙන බවද එම ව්‍යාපාරිකයින් පැවසුවා.

මෙරට පොකුණු තුළ වගා කරන ඉස්සන් ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ විදේශ වෙළදපොළයි.

ඒ අනුව පසුගිය වසර දෙක තුළ ඉස්සන් මෙට්්‍රක් ටොන් 11,000 ක් නිෂ්පාදනය කර විදේශ වෙළද පලට යවා තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට ඉස්සන් කර්මාන්තය සියයට 18ක් දක්වා පහත බැස ඇති බවයි එම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ජලජීවි සංගමයේ හිටපු සභාපති සනත් රොද්‍රිගෝ ද අදහස් පළ කළා.