Thursday, May 2, 2024

General line - 0115112241

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 726ක් අත්අඩංගුවට




විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා තවත් වැටලීම් 728ක් සිදු කළ බව පොලීසිය පවසනවා.

එහිදී සැකකරුවන් 726 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අතර කාන්තාවන් 10 දෙනෙකුද වනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සිදු කරන ලද එම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 25 දෙනෙකු සම්බන්ධයෙන් රඳවා තබා ගනිමින් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.