Friday, May 3, 2024

General line - 0115112241

චෙන්නායි පැරදූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට IPL ජයක්




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් තරගයට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

රවින්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 57ක් රැස් කළා. පන්දු යැවීමේදී කෘනාල් පාන්ඩියා ප්‍රතිවාදී කඩුලු 02ක් බිද හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 177ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම 19වන පන්දු වාරයේදී තරගය ජය ගත්තේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 180ක් රැස් කරමින්.

එහිදී නායක කේ එල් රාහුල් පන්දු 53කදී ලකුණු 82ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 09ක් ඇතුලත්.

ක්යින්ටන් ඩී කොක් ලකුණු 54යි. පන්දු යැවීමේදී මතීෂ පතිරණ සහ මුස්තාෆිසුර් රහ්මාන් ප්‍රතිවාදී කඩුලු 02ක බැගින් දවා ගත්තා.