දියතලාව, “ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී සිදු වූ අනතුරට හේතුව සොයා අංශ කිහිපයක් යටතේ විමර්ශන සිදු කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් අනතුරට සැබෑ හේතුව කුමක්දැයි තීරණය කළ නොහැකි බවයි නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.
නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.
දියතලාව, “ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී පසුගිය 21 වනදා සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් එම ධාවන තරඟයට එක්වූ ධාවකයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත