Monday, May 6, 2024

General line - 0115112241

ලිපි හුවමාරු විජ්ජා ඕනි නැ. මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම් - විපක්ෂ නායක 




ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා,

ඔහු මේ බව පවසා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ  හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. 

 ලිපි හුවමාරු නොකර මැයි මාසයේ විවාද දෙකටම සහභාගී වන ලෙසත් වාද විවාද මෙන්ම වැඩක් කර පෙන්වන ලෙසත් රටට අවශ්‍ය කයිය නායකයෝ නොව වැඩ කරන නායකයෝ බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියා.

ජනතාවට කයිය බොරුව සෝබනය ඔලුගෙඩි විජ්ජා එපා වී ඇති බවත් කතාවට මෙන්ම වැඩටද සමගි ජන බලවේගය සුදානම් නිසා බය නැතිව එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.

තවද සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ  පාසලින් විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවා රැකියා නොමැති විරැකියා පෝළිමට එකතු වන බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවයි.