Monday, May 6, 2024

General line - 0115112241

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර දීර්ඝ කාලයක් පැවැති සබඳතාව තව තවත් ශක්තිමත් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන ගරු සන් හෙයාන්  මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ෂී ෂෙන් හොන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මුණ ගැසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය.
.