Sunday, May 5, 2024

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 632ක් අත්අඩංගුවට




විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ දී සැකකරුවන් හයසිය තිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළදී පමණක් වැටලීම් 634ක් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 198ක් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග රැසක් එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.