Wednesday, May 15, 2024

General line - 0115112241

වතු සේවකයන්ට රජයෙන් සහනයක්




වතු සමාගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 05ක් පමණ වූ හිඟ සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල්, රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීමට අදාළ යෝජනාව ඇතුළත් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ මුදල් වතුකම්කරුවන්ට ගෙවිය යුතතු බවට තමන් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළකිරීම හේතුවෙන් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමට එලෙස ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


යටියන්තොට, නාගස්තැන්න වතුයායේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයට සහභාගීවූ අවස්ථාවේ එහි සිටි ජනතාව අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළකළා.