Friday, May 17, 2024

General line - 0115112241

සියලු සරසවි අනධ්‍යයන සේවකයෝ අද වැඩ වර්ජනයක




ඉංජිනේරු, කෘෂිකර්ම, පශු වෛද්‍ය ඇතුළු සේවා 18කට අයත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සේවකයින් අද සහ හෙට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව මෙම දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ඔවුන් පවසන්නේ.

රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි පැවසුවේ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලබා දී නොමැති බවයි. 


මේ අතර විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසුවේ අද දහවල් 12 සිට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අඛණ්ඩ වෘත්තීය  සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඊට එක් වන්නේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලයයි.

විශ්වවිද්‍යාල ප්‍රජාවගේ කප්පාදු කළ වැටුප යළි ලබා නොදීමට විරෝධය පළ කිරීම එහි අරමුණ බවයි ඔහු පැවසුවේ.


සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.