Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තවත් කඩයිමක් පනී




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, උගන්ඩා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරඟයද ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්සේදී කඩුලු 04කට ලකුණු 154ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හාකි වූයේ ලකුණු 87ක් පමණයි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තුන් වන ජයග්‍රහණය මෙයයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.

මීට අමතරව බී කාණ්ඩයේ පෙරමුණ ගත් අයර්ලන්තයද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.