Friday, May 17, 2024

General line - 0115112241

ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් අමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා




ගාසා තීරයේ යුද්ධයට සහ ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් මෙන්ම පලස්තීනුවන්ට සහය දක්වමින් අමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබෙනවා.

ඒ, විරෝධතා මර්දනයට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමගයි. 

නිව්යෝර්ක්, කොලොම්බියා, ඇරිසෝනා, මැඩිසන්, ෆ්ලොරීඩා, ජෝර්ජියා ඇතුළු ප්‍රධාන විශ්වවිද්‍යාල රැසක මෙම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාවලට සම්බන්ධ 400කට වැඩි පිරිසක් ඉකුත් දින කිහිපයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වුණා.

ඉන් බහුතරයක් නිව්යෝර්ක් හා කොලොම්බියා විශ්වවිද්‍යාලවල සිසුන්. 

ඉකුත් අප්‍රේල් 18වනදා සිට වරින් වර විරෝධතා පැවති අතර ඇතැම් විශ්වවිද්‍යාලවල පලස්තීනයට සහය දක්වන කඳවුරු පවා නිර්මාණය කර තිබෙනවා.

සාමකාමීව පැවති විරෝධතා දැන් ප්‍රචණ්ඩ වී ඇත්තේ සිසුන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පහර දීමත් සමගයි.

ඇතැම් වාර්තාවල දැක්වුණේ අප්‍රේල් 18 වනදා සිට මේ දක්වා විරෝධතාවලට සම්බන්ධ 1,500ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

අමෙරිකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා සඳහා ගාසා තීරයේ සිටින ළමුන් සහ වෛද්‍යවරුන් සිය සහය සහ ස්තුතිය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.