මැදපෙරදිග කලාපයේ යුධමය තත්ත්වය තවත් උත්සන්න වුවහොත් එහි අහිතකර බලපෑම අංශ කිහිපයක් යටතේ ශ්‍රී ලංකාවට බලපානු ඇති බව ආර්ථික විද්වතුන් අනතුරු අඟවනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ මැදපෙරදිග කලාපයේ රැකියාවල නිරතවන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට මෙන්ම මෙරටින් එම කලාපයට සිදුකරන ආනයනයන්ටද දැඩි බලපෑම් එල්ලවිය හැකි බවයි.
සංචාරක ව්‍යාපාරයට මෙන්ම මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ යාමද මේ හරහා සිදුවිය හැකියි.
මෙරට ගොඩනැගෙමින් පවතින ආර්ථිකය යළි බිඳවැටීමේ අවදානමක්ද මේ හේතුවෙන් සිදුවිය හැකි බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේ.
කෙසේවෙතත් මෙම වසර රටවල් රැසකට මැතිවරණ වසරක් හේතුවෙන් ගෝලීයව ප්‍රධාන නායකයින් යුධමය තත්ත්වයකට යාම වළක්වාගනු ඇති බවටද අපේක්ෂා කරන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පැවසුවේ.