Friday, May 17, 2024

General line - 0115112241

කෝටි 15ක මත්ද්‍රව්‍ය STF අත්අඩංගුවට




ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික්ගේ ප්‍රධාන ගෝලයෙකු හා කාන්තාවක් රුපියල් කෝටි 15 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරට හෙරොයින් කිලෝ 13ක්, හෑෂ් කිලෝ 06ක්, කොකේන් ග්‍රෑම් 539ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් මිලියන 1 යි දශම 5ක් ද අයත්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල දී සිදුකරන ලද වැටලීමක දී මෙලෙස සොයාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාශික් ගේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කපිල හෙවත් ඉසුරු නැමැත්තා සතුව තිබූ මත්ද්‍රව්‍යයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිතා කරන ලද මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වසර 02 ක පමණ කාලයක සිට කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මහාපරිමාන මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීමට සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙකු ද ඉකුත් දා අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 60ක් සහ රුපියල් මිලියන 4යි දශම 9ක් සමගයි.