Friday, May 17, 2024

General line - 0115112241

මෙරට නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන 5 පනී




මෙරට නිල විදෙස් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 අග භාගය වන විටත් මෙරට දළ නිල සංචිතය පැවතුණේ අමෙරිකානු ඩොලර් බිලියන 4යි දශම 4ක් ලෙසයි.

නිල විදෙස් සංචිතය මෙලෙස අමෙරිකානු ඩොලර් බිලියන 5 සීමාවට පැමිණියේ 2024න් පසු පළමුවරටයි.

මෙලෙස දළ නිල සංචිතය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මහ බැංකුව විසින් දේශීය හා විදේශීය විනිමය වෙළඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමයි.

කෙසේවෙතත් මෙම අමෙරිකානු ඩොලර් බිලියන 5 අතරට චීනයෙන් විදේශ විනිමය හුවමාරු පහසුකම යටතේ මෙරටට ලද අමෙරිකානු ඩොලර් බිලිනය 1යි දශම 5 ද ඇතුළත්. 

මේ අතර 2023 වසරට සාපේක්ෂව ඉකුත් මාර්තු මාසයේ මෙරටට ලැබී ඇති සංචාරක ආදායමද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2023 වසරේ මෙරටට ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 189ක් පමණයි.

2024 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 338ක සංචාරක ඉපැයීම් ලැබී තිබුණා. එය සියයට 79යි දශම 2ක වර්ධනයක්.