Saturday, July 27, 2024

General line - 0115112241

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති ගුවන් අනතුරෙන් මරුට




මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෝලෝස් චිලීමා ඇතුළු ගුවන් යානයේ ගමන් ගත් සියලු පුද්ගලයන් මිය ගොස් තිබෙනවා.

එරට ජනාධිපති ලාසරස් චක්වේරා මේ පිළිබඳව අද පස්වරුවේ මාධ්‍ය හමුවක්ද පවත්වමින් ප්‍රකාශ කල බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

ඔහු සමඟ හිටපු ජනාධිපති ආර්යාවක් වන ශනිල් ඩිසිම්බිරිද මගීන්ගෙන් එක් අයෙකු බවට සඳහන්.

ඔවුන් ගමන් කළ ගුවන් යානය චිකන්ගාවා කඳුවැටියේදී කඩා වැටී තිබෙනවා.

ජනාධිපතිවරයා මලාවි ආරක්ෂක බලකායේ ගුවන් යානයකින් හිටපු කැබිනට් අමාත්‍යවරයකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

යානය මලාවි රාජ්‍යයේ අගනුවර වන ලිලොන්ග්වේ සිට පෙරවරු  9:17ට පමණ පිටත්ව ගොස් ඇති අතර  මිනිත්තු 45කට පසුව යානය මසුසු ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට නියමිතව තිබුනා.

යානය ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන්ද  ඉවත් වී තිබෙනවා. 

කෙසේ වෙතත් ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයා ඇතුළු පිරිස සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් අඛන්ඩව ක්‍රියාත්මක කර ඇති බවට සඳහන්. 

පරීක්ෂණවලදී අතුරුදන් වූ ගුවන්යානයෙන් දුරකථන සම්ප්‍රේෂණය වූ අවසාන කුළුණ සොයා ගැනීමට ඔවුන්ට හැකි වී ඇති අතර එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. 

එරට යුද හමුදාපති ජෙනරාල් පෝල් වැලන්ටිනෝ පැවසුවේ මලාවි අසල්වැසියන් ඇතුළු අනෙකුත් රටවලද සහය ඇතිව උප ජනාධිපතිවරයා සොයා ගැනීමට හැකි වූ බවයි. 

කෙසේ වෙතත් මේවන විට උප ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් මලාවි රාජ්‍යයේ ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ