Tuesday, October 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා රේගුව සමඟ අවබෝධතා ගිවිසුමකට 

මිනුවන්ගොඩ දමිත් තිසර 




ශ්‍රී ලංකා පොලිසිය  ශ්‍රී ලංකා රේගුව සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් මූලස්ථානයේදී අද අත්සන් තබා තිබුනා.

විමර්ශන කටයුතු සඳහා අදාල තොරතුරු රාජ්‍ය ආයතන හා පොලිසිය අතර වඩාත් පහසුවෙන් හුවමාරු කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම අරමුණුකරගනිමින් මෙලෙස එළඹී තිබෙන්නේ. 

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන විෂය පථයට අදාලවන සියළුම රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා 

පසුගිය මාසයේ අවස්ථා කිහිපයකදී මෙසේ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒ අතරින්  ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේනතුව යන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකා පොලිසිය  අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා .