Thursday, December 5, 2024

General line - 0115112241

සල්ලි දීලා ඡන්දේ ඉල්ලන අය පාර්ලිමේන්තුවට යවන්න ඕනෙද ?




මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම සඳහා තවත් ඇත්තේ පැය 24ක පමණ කාලයක් පමණයි.

ඒ අනුව, මේ වන විට ක්‍රියාත්මක වන්නේ නිහඬ කාලයයි.

එලෙස නිහඬ කාලයක් ක්‍රියාත්මක වන්නේ ඡන්ද දායකයින්ට තමන් ඡන්දය ලබාදෙන පක්ෂය සහ අපේක්ෂකයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. 

ඒ අනුව වරදාන වරප්‍රසාදවලට නොරැවටී රටට ආදරය කරන, ජනතාවට සේවය කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර හැරීමට ඡන්ද දායකයින් කටයුතු කළ යුතු බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 


පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට අසීමිත ලෙස වරප්‍රසාද ලබාදිය යුතු ද? ඒ සම්බන්ධයෙන් ද ප්‍රියන්ත මායාදුන්නේ මහතා අදහස් පළ කළා.