Friday, May 17, 2024

General line - 0115112241

මීළඟ ජනපතිවරණයට ඩිලාන්ගේ කැමැත්තක් – ඇමති තනතුර අනතුරේ!



මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමාට හැකි බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඒ සඳහා කල්වේලා ඇතිව දැනුම් දිය යුතු බවයි හාලිඇළ මැතිවරණ කොට්ඨාසයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

නීතියට අනුව මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඉදිරිපත් වීමට නොහැකි නිසා තමන්ට ආරාධනා කළ හොත් තමන් ඉදිරිපත් වන බවයි අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ.

“හැබැයි අද කියලා හෙට ඒක කරන්න බැහැ. බැසිල් රාජපක්ෂ වගේ ඩීල් කාරයො එක්කත් ඒක කරන්න බැහැ.මේ ආණ්ඩුවේ මහමාර්ග ඇමතිකම කොච්චරකල් තියේද දන්නේ නැහැනේ. මම හිටපු ගමන් අගමැතිතුමාටත් අනම් මනම් කියනවානේ.” යැයි අමාත්‍යවරයා කියා සිටියා.