hemantha

මාලිමා මන්ත්‍රීවරුන් පිරුණු එංගලන්ත චාල්ස් රජුගේ උපන්දින පාටිය

කණින් කොණින් ඇසුනු කතා විශේෂාංගය දැන්.

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා අල් කමේනි පවසනවා. ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසු සිය පළමු ප්‍රකාශය සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔහුගේ පණිවිඩය ඉරාන රාජ්‍ය රූපවාහිනියේ ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

රිමාන්ඩ් කළ කපිල චන්ද්‍රසේන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, එම සැකකරු ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබාදුන් නියෝගයකට අනුවයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එයාර් බස් රිමාන්ඩ් කළ කපිල චන්ද්‍රසේන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට

නඩු කටයුතු අවසන් වූ මත් ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම්වලදි සොයාගත් කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩු කටයුතු අවසන් කෙරුණු මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා. පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන තුළ අද උදෑසන 9ට එම මත්ද්‍රව්‍ය තොගය දහනය කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලීසිය පැවසුවේ. හෙරොයින් කිලෝ 40යි ග්‍රෑම් 533 ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝ 132යි නඩු කටයුතු අවසන් වූ මත් ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන සංස්කෘතික දෙපාර්තමේන්තුව කතා කරයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් රටට ලබා දීමේ අපේක්ෂාවෙන් සිදුකරන සාකච්ඡාවක් ලබන සඳුදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බුද්ධ ශාසනල ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින පොහොය කමිටුවේ සාමාජිකයන් වන සාම්ප්‍රදායික පංචාග ලිත් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන සංස්කෘතික දෙපාර්තමේන්තුව කතා කරයි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ලබා ගන්නා දත්ත හා තොරතුරු මත පදනම්ව තක්සේරුව තහවුරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව මෙම අවසන් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටු වාර්ථාව නිකුත් කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ

පුද්ගලයකුට පහරදී මූලික අයිතිවාසිකම් කඩ කළ සුරා බදු නිලධාරීන්ට රුපියල් ලක්ෂ පහකට වැඩි වන්දියක් ගෙවීමට නියෝග

මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු පහරදී හිරිහැරයට ලක් කිරීම තුළින් සුරා බදු නිලධාරීන් හත් දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව එක් එක් සුරාබදු නිලධාරියා රුපියල් 75000 බැගින් අදාල නිලධාරීන් හත් දෙනා විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් 525000/- මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නියෝගයේ සඳහන් පුද්ගලයකුට පහරදී මූලික අයිතිවාසිකම් කඩ කළ සුරා බදු නිලධාරීන්ට රුපියල් ලක්ෂ පහකට වැඩි වන්දියක් ගෙවීමට නියෝග

ගංවතුරෙන් විපතට පත් මොසැම්බික් රාජ්‍යයට විදෙස් ආධාර

ඉන්දියාව සිය පළමු ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ගංවතුරින් විපතට පත් මොසැම්බික් රාජ්‍යයට ආහාර සහ සහනාධාර යවා ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ ඉන්දියාව විසින් ක්ෂණික ආහාර ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක්, අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10 ක් සහ අනෙකුත් ආධාර එවා ඇති බවයි. මොසැම්බික්හි මධ්‍යම සහ දකුණු පළාත්වලට ගංවතුරෙන් විපතට පත් මොසැම්බික් රාජ්‍යයට විදෙස් ආධාර

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා. එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව ඔහුගේ එක් කොන්දේසියක් යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්