මහා පරිමාණ ඩීසල් ජාවාරමකට ගෑවුණු සැකකරුවන් හතරක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සන්තකයේ තබාගෙන ඒවා මුදලට අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් බියගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එහිදී ඩීසල් ලීටර් 19,060 ක් අඩංගු බවුසර් රථ දෙකක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. … මහා පරිමාණ ඩීසල් ජාවාරමකට ගෑවුණු සැකකරුවන් හතරක් අත්අඩංගුවට







