hemantha

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්ද?

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් තර්ජනයක් හෝ ගැටලුවක් මතුවී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජය තුළ යම් කතිකාවක් ඇති කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. Neth News · ARUNA 02 මෙරට මුහුදු සීමාව ආසන්නයේදී පසුගියදා ඉරාන නෞකාව එල්ලූ ප්‍රහාරයෙන් පසු රජය කටයුතු ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්ද?

වෙළද ඇමතිගෙන් ජනතාවට සහතිකයක්

මැදපෙරදිග ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරි මාස දෙක තුළදීද හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයෙන්දී ඇතිවන බාධා ඉවත් කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. Neth News · WASANTHA 02 එමෙන්ම ගැටලුවකින් තොරව අප්‍රේල් මාසය වෙළද ඇමතිගෙන් ජනතාවට සහතිකයක්

පන්දුවාර විස්සයි විස්ස ශූරයින් වූ ඉන්දීය කණ්ඩායම තැබූ වාර්තාව

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙසින් කිරුළු පැළදිමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, එම තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු 96කින් ජය ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5 පන්දුවාර විස්සයි විස්ස ශූරයින් වූ ඉන්දීය කණ්ඩායම තැබූ වාර්තාව

රත්මලානේ ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද සහ හෙටත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අද (7)  සහ හෙට (8) දිනයේදි ද පැවැත්වෙනවා. එම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා. ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව රත්මලානේ ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද සහ හෙටත්

ශ්‍රි ලංකාව කළයුතු දේ හිටපු ජනපතිවරයෙක් පහදයි

මැදපෙරදිග යුදමය තත්වය හමුවේ ශ්‍රී ලංකාව පක්‍ෂග්‍රාහි නොවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ අනුව මානූෂීයත්වයට මුල්තැන දෙමින් රජය කටයුතු කළයුතු බවයි කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ. Neth News · MAHINDA 01 එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රි ලංකාව කළයුතු දේ හිටපු ජනපතිවරයෙක් පහදයි

බටුවත්තේ චාමරගේ ඥාති නිවසකට වෙඩි ප්‍රහාර 21 ක්

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර‘ගේ ඥාතියෙකුගේ ජාඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බටුවත්තේ චාමරගේ දෙවන බිරිදගේ මවට අයත් නිවසකට බවයි පොලීසිය පැවසුවේ. වෛද්‍යවරයෙකු විසින් කුලි පදනම මත ලබාගෙන ඇති එම නිවසේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන බව වාර්තා වුණා. යතුරු බටුවත්තේ චාමරගේ ඥාති නිවසකට වෙඩි ප්‍රහාර 21 ක්

ඉරානයේ ගුවන් තොටුපළක විශාල පිපිරීමක්

ඉරානයේ මහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි විදේස මාධ්‍ය පවසනවා. එරට කාර්යබහුලම ගුවන්තොටුපොළ මෙන්ම ප්‍රධානම දේශීය ගුවන්තොටුපොළක් ලෙසද සැලකෙන මෙහ්රාබාද් ගුවන්තොටුපොළ තුළ මෙම පිපිරීම සිදුව ඇත්තේ අද අලුයම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම ගුවන්තොටුපොළේ ගුවන්යානා කිහිපයක්ම තිබූ බවද වාර්තා වනවා. ප්‍රහාරය එල්ලවීමත් සමග විශාල දුම් වළාවක් නිකුත් වී තිබෙනවා. ඉරානයේ ගුවන් තොටුපළක විශාල පිපිරීමක්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසනවා. IRIS DENA යුද නෞකාව ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව ද අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිද ඝාතන සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින්. අදාළ අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉබ්බාගමුව හා මාකොළ අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිද ඝාතන සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට