Nishan Neth News

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය … ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

රුසියාවෙන් යුක්රේනයට යළිත් දරුණු ප්‍රහාරයක් කඩා වැටුණු ගොඩනැගිලිවල සිරවූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

රුසියාවේ නවතම ප්‍රහාරවලින් යුක්රේනයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී තිබෙනවා. එලෙස කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින්නන් සෙවීම සඳහා වන මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙමින් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. යුක්රේනයේ දකුණු දිග සපෝරිෂියා නගරයේ නේවාසික ගොඩනැගිලි කිහිපයකට මෙලෙස ප්‍රහාර එළ කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් … රුසියාවෙන් යුක්රේනයට යළිත් දරුණු ප්‍රහාරයක් කඩා වැටුණු ගොඩනැගිලිවල සිරවූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

සිවුරට යුතුකම පාද යාත්‍රාව අද කෑගල්ලෙන් වරකාපොළට

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළ සිවුරට යුතුකම ”නිදහසේ පාද යාත්‍රාව” අද තුන්වන දිනට කෑගල්ලෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පාද යාත්‍රාව අද වරකාපොළ දක්වා පැමිණෙන බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ. නිදහසේ පාද යාත්‍රාව … සිවුරට යුතුකම පාද යාත්‍රාව අද කෑගල්ලෙන් වරකාපොළට

ඥානසාර හිමියන්ගේ සිදුවීමෙන් පසු පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ සතියේ ජනපතිට

සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ කමිටුව සකස් කරන අවසන් වාර්තාව මේ සතියේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදිමට නියමිත බව වාර්තා වනවා. සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පසුගිය දින කිහිපය තුළදිම අවස්ථා කිහිපයකදි රැස්වුණා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය … ඥානසාර හිමියන්ගේ සිදුවීමෙන් පසු පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ සතියේ ජනපතිට

රියාද් නුවර කින්ග් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැය 24ක් ඇතුළත තවත් ප්‍රහාරයක්

සෞදි අරාබියේ රියාද් නුවර කින්ග් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැය 24 ක් ඇතුළත  දෙවන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදි එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එමෙන්ම  ගුවන් තොටුපළේ අංක 4 මගී පරියන්තය (Passenger Hall No 4) වෙත පතිත වූ ප්‍රහාරයක් හේතුවෙන් ගිනිගැනීමක් … රියාද් නුවර කින්ග් කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැය 24ක් ඇතුළත තවත් ප්‍රහාරයක්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

  දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. ඒ අනුව  හෙට (12) සවස 4:00 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ප්‍රදේශ, මට්ටම 2 – අවධානම් (කහ පැහැය) කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල. මට්ටම 1 … දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජිබූටි රාජ්‍යයේ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් රැගත් නෞකාවක් පෙරළී ළමයින් ඇතුළු 109 දෙනෙකු මරුට

ජිබූටි රාජ්‍යයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් රැගත් නෞකාවක් පෙරළී යාමෙන් ළමයින් ඇතුළු පුද්ගලයන් 109 දෙනෙකු මියගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මෙම නෞකා අනතුරෙන් ළමුන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව සදහන්. ඒ අතර ගැහැණු ළමුන් 9 දෙනෙකු වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම … ජිබූටි රාජ්‍යයේ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් රැගත් නෞකාවක් පෙරළී ළමයින් ඇතුළු 109 දෙනෙකු මරුට

සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර නව රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමේ සූදානමක්

  බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත් කාලීන කිරීම සඳහා පත්කළ කමිටුව, සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදුකර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම සංශෝධනවල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා ලබන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් … සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර නව රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමේ සූදානමක්

ගෙවල් දොරවල් යට කරගෙන නේපාලයේ යළිත් මහා ජල ගැල්මක්

හිම කඳු කඩා වැටීමක් සමග ඇති වූ මහා ජලගැල්මකින් ඉකුත්දා විපතට පත් නේපාලය දැන් නැවත වරක් ජල ගැල්මකින් විපතට පත්ව තිබෙනවා. මෙවර මෙම ආපදාව සිදුව ඇත්තේ උතුරු මැද නේපාලයේ පිහිටි බුධි ගණ්ඩකි ගඟ හදිසියේ පිටාර ගැලීම හේතුවෙන්. ප්‍රදේශ රැසක් දැනටමත් ජලයෙන් යට වී ඇති අතර නිවාස සහ වෙනත් ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ආරක්ෂිත … ගෙවල් දොරවල් යට කරගෙන නේපාලයේ යළිත් මහා ජල ගැල්මක්