හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔහුට සමීප ආරංචි පැවසුවේ කිරුළපන පිහිටි නිවසේදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස අසනීප වී ඇති බවයි. ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කර සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලකට බවද එම ආරංචි පැවසුවා. හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ … හිටපු ජනපති මහින්ද හදිසියේ රෝහල් ගත කෙරේ
වසා දමා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියක් ධාවනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියක ගැටී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ඔහු ගැටී ඇත්තේ බොරලැස්ස – කිරාගාර දුම්රිය හරස් මාර්ගයේ දි බවයි වෙන්නප්පුව පොලීසිය පැවසුවේ. එහිදි ජීවිතක්‍ෂයට පත් ඔහු දංකොටුව – උතුරු ගෝනාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මධ්‍යම නේපාල ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් පස් දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට බලධාරීන් පවසනවා. හදිසි ගංවතුර තත්ත්වයත් සමග නිවාස සහ පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නේපාලයේ විශාලතම සහ දීර්ඝතම උත්සවය වන ‘දශයින්‘ උත්සවයේ පළමු දිනය සැමරීමට ළමයින් සහ ප්‍රදේශවාසීන් සූදානම් වෙමින් සිටියදී ගෝර්කා … නේපාලයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු අතුරුදන්
වීරකැටිය, මැදමුලන. කිංචිගුණේ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් හා එම පතරොම් 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වීරකැටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
02 වන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 52ක් දිනාගෙනෙ තිබෙනවා තිබෙනවා. එම තරගාවලිය ආසියානු කළාපයේ රටවල් 09 ක පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200 කගේ සහභාගීත්වයෙන් පසුගිය 3 වනදා සිට ඊයේ දින දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවරදි පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ … ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශුරතා තරගාවලියේදි ශ්‍රී ලංකාවට පදක්කම් 52 ක්
එළඹෙන අයවැය ලේඛනය මගින් පොලිස් නිලධාරීන් සඳහා විශේෂ අවදානම් දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. මහජන සේවය උදෙසා කැපවන පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. “වැඩිම පොලිස් පිරිසක් සේවයේ ඉඳිද්දී මියයන්න සිද්ධ වුණා පහුගිය කාලයේ රාජකාරී කටයුතුවලට … ජීවිත පරදුවට තබා මහජන සේවයේ යෙදෙන පොලිසියට ඉදිරි අයවැයෙන් අලුත් දීමනාවක්
ඉදිරියේ දී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සම්බන්ධව අවදානය යොමුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. පෞද්ගලික සමාගම් දිගින් දිගටම ඉන්ධන නිකුත් කිරීම සීමා කලහොත් ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් පවතින ප්‍රදේශවල ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා මෙම නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට එලෙස අවදානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවලට බිය වී … තෙල් හිඟය මවන ඉන්ධන ඒකාධිකාරය බිදින්න රජයෙන් අලුත් සැලසුමක්
ජිබූටි රාජ්‍යයේ මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් 305 දෙනෙකු රැගෙන ගිය යාත්‍රාවක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරින් මියගිය සංක්‍රමණිකයින් සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා ළමයින් 15 දෙනෙකු ද වන බවයි ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානය නිවේදනය කළේ. ජිබූටිහි අබොක් වරාය නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරට පත් වූවන්ගෙන් 82 දෙදෙනෙකු බේරා … ජිබුටි රාජ්‍යයේ මුහුදු තීරයේදී යාත්‍රාවක් පෙරළී මියගිය ගණන තවත් ඉහළට