Nishan Neth News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාතය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම්වරිය, බුද්ධ … ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

ශිරාන් බාසික්ගේ දේපළ කිහිපයක් ක්‍රියාවිරහිත කරයි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට අයත් දඹුල්ල, තිත්ත වැල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකකට සහ ඉඩමකට අද මුද්‍රා තබා ඊට ඇතුළුවීම තහනම් කරමින් දැන්වීම් පුවර සවිකර තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරවයි එම නිවාස දෙක හා ඉඩම ක්‍රියාවිරහිත කර ඇත්තේ. ඩුබායිහි රැදී සිටි ශිරාන් බාසික් … ශිරාන් බාසික්ගේ දේපළ කිහිපයක් ක්‍රියාවිරහිත කරයි

ගුවන් හමුදාවෙන් පැනලා දෙහිවල සැන්ඩෝ එක්ක තැන තැන පත්තු කරපු වෙඩික්කරු මෙන්න

ස්ථාන කිහිපයක සිදු කෙරුණු වෙඩි තැබීම් සම්බන්ධයෙන් වෙඩික්කරුවෙක් බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකට දෙහිවල සැන්ඩෝ නැමැත්තාගේ අනුගාමිකයෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ. මනුෂ්‍ය ඝාතන තුනක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා පවතින බවටද තොරතුරු තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොට්ටාව පොලීසියේ නිලධාරීන් … ගුවන් හමුදාවෙන් පැනලා දෙහිවල සැන්ඩෝ එක්ක තැන තැන පත්තු කරපු වෙඩික්කරු මෙන්න

පියයුරු පිළිකා නිවාරණයට මියුසියස් දියණියන්ගෙන් ආදර්ශමත් සමාජ මෙහෙවරක්

රට සුවපත් කිරීම සඳහා හොඳම සේවා සපයන්නන් දරුවන් වන බැවින්, පියයුරු පිළිකා පිළිබඳව දේශය දැනුවත් කිරීම උදෙසා මියුසියස් දියණියන් පුහුණු කිරීමට ‘රෝස බදාදා‘ දිනය යොදාගත් බව මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි සංජීවනී බණ්ඩාර මහත්මිය පවසනවා. මියුසියස් විද්‍යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම පැවැත් … පියයුරු පිළිකා නිවාරණයට මියුසියස් දියණියන්ගෙන් ආදර්ශමත් සමාජ මෙහෙවරක්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරියට භාරදෙයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් කර ඇති බවයි වාර්තා වුණේ. කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් … කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරියට භාරදෙයි

සෞදියේ රියාද් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් තාවකාලිකව නවත්වයි

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යේමනයේ හූති සටන්කාමීන් විසින් නැවත වරක් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් දෛනික ගුවන් කටයුතුවලට දැඩි අවහිරතා ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හූති හමුදා ප්‍රකාශක යහ්යා සරියා X සටහනක් තබමින් පවසන්නේ පළමු ප්‍රහාරය මෙන්ම දෙවන ප්‍රහාරය ද ඉලක්කය වෙත … සෞදියේ රියාද් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් තාවකාලිකව නවත්වයි

කොටපොල ජාතික පාසලේදී ආරම්භ වූ නායකයින් බලගන්වන You’re a Leader මෙහෙයුමට සිසුන්ගේ ඉහළ උනන්දුවක්

නෙත් FM රේඩියෝව සංවිධාන කරන You’re a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුර මේ වනවිට මාතර, කොටපොල ජාතික පාසලේදී පැවැත්වෙනවා. එම කදවුර අද සිට දින තුනක් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ පිළිබද තවත් තොරතුරු කොටපොල ජාතික පාසලේ  රැදී සිටින නෙත් නිවුස් නියෝජිත සුරේෂ් හෙන්නායකගෙන්. “නෙත් FM අපි කවදාවත් අලුත් කාගෙත් නෙත් අලුත්ම Alpha Generation … කොටපොල ජාතික පාසලේදී ආරම්භ වූ නායකයින් බලගන්වන You’re a Leader මෙහෙයුමට සිසුන්ගේ ඉහළ උනන්දුවක්

මෙට්‍රෝ බස් රථවලට හානිකරන අයට දැඩි දඩුවම් – නෙත් නිවුස් අනාවරණයෙන් පසු ඇමති බිමල්ගෙන් සැර ප්‍රකාශයක්

මෙට්‍රෝ බස් රථවලට හානිකරන හෝ අවහිර කරන තැනැත්තන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ මෙට්‍රෝ බස් රථවලට ඇතැම් පිරිස් හානි කරන සහ අවහිර කරන බවට දිගින් දිගටම ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසිමකදීයි. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයෙහි ගුණාත්මකභාවය උසස් කිරිමේ අරමුණින් … මෙට්‍රෝ බස් රථවලට හානිකරන අයට දැඩි දඩුවම් – නෙත් නිවුස් අනාවරණයෙන් පසු ඇමති බිමල්ගෙන් සැර ප්‍රකාශයක්

ග්‍රීක බැඳුම්කර සිද්ධිය – අභියාචනා පෙත්සම අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්කර ගනී

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් අද ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. මෙම අභියාචනා අවසර ඉල්ලුම් පත අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත … ග්‍රීක බැඳුම්කර සිද්ධිය – අභියාචනා පෙත්සම අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්කර ගනී