Nishan Neth News

රිමාන්ඩ් කළ ඥානසාර හිමි නාමල්ගේ වාට්ටුවට

රක්‍ෂිත බන්ධනාගාරගත කළ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා. ඊයේ පස්වරු 6ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ උන් වහන්සේ එහි එන් වාට්ට්ටුවේ රැදවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිටින්නේද එම වාට්ටුවේයි. ඒ අනුව රැදවියන් … රිමාන්ඩ් කළ ඥානසාර හිමි නාමල්ගේ වාට්ටුවට

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී ඊයේ (3) දින අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් සිටිනවා. උන්වහන්සේ මෙලෙස එහි රැගෙන සිටින්නේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටයි. අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවා. ඒ … වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

ගුවනේදී සිදුවන්නට ගිය මහා විපතක් වැළැක්වූ ඉන්දීය නියමුවාට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රශංසා – නිදහස් දින උළෙලටත් ආරාධනා

ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි’ FZ1073 ගුවන් යානය තුළදී සිදුවූ බිහිසුණු අනතුර වළක්වා ගනිමින් මගීන්ගේ ජීවිත බේරාගත් ඉන්දීය ජාතික නියමු ස්මිට් මච්ඡාර් වීරයෙකු ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අගය කර තිබේ. පසුගිය සෙනසුරාදා නියමුවා සමඟ දුරකථනයෙන් සංවාදයක යෙදෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ඊශ්‍රායලයට, ඉන්දියාවට මෙන්ම මුළු ලෝකයටම වීරයෙකු වන බවයි. … ගුවනේදී සිදුවන්නට ගිය මහා විපතක් වැළැක්වූ ඉන්දීය නියමුවාට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රශංසා – නිදහස් දින උළෙලටත් ආරාධනා

ඩුබායි ඔටුන්න හිමි කුමරුන්ගෙන් ෆ්ලයිඩුබායි හි නිර්භීත ගුවන් නියමුවාට පැසසුම්

ෆ්ලයිඩුබායි හි FZ1073 ගුවන් යානය තුළ ඇති වූ නොසන්සුන්තාවයකදී තුවාල ලැබූ කපිතාන් ස්මිට් මච්ඡාර්ගේ සුවදුක් විමසීම සඳහා ඩුබායි හි ඔටුන්න හිමි හාම්දාන් බින් මොහොමඩ් බින් රාෂිඩ් අල් මක්තුම් කුමරු එම ගුවන් නියමුවා ප්‍රතිකාර ලබමින් සිටින රෝහල වෙත පැමිණියේය. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ටෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 737 MAX 8 වර්ගයේ මෙම ගුවන් … ඩුබායි ඔටුන්න හිමි කුමරුන්ගෙන් ෆ්ලයිඩුබායි හි නිර්භීත ගුවන් නියමුවාට පැසසුම්

පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් ගැන අනාවරණයක්

පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් තවමත් අවම මට්ටමක පවතින බව පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයා බැලීමට පත්කළ අනුකාරක සභාව නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමටත් පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් පියවර ගත යුතු බවයි. පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයා බැලීමට මෙම අනුකාරක සභාව පත් කරනු ලැබූයේ අධ්‍යාපන, … පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් ගැන අනාවරණයක්

මෑන්චෙස්ටර්හි යුදෙව්වන් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු අධිකරණයට

මෑන්චෙස්ටර් නුවර යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දේශීයව නිෂ්පාදිත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ චෝදනා මත ඉරාන ජාතිකයින් දෙදෙනෙකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ සල්ෆෝර්ඩ්හි පදිංචි 34 හැවිරිදි රහ්මාන් සාලෙහ් සහ ලිවර්පූල්හි පදිංචි 36 හැවිරිදි සලාම් අහ්මදියාන් නමැති පුද්ගලයින් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් … මෑන්චෙස්ටර්හි යුදෙව්වන් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු අධිකරණයට

පාතාලය සහ පොලීසිය අතර කොස්ගොඩදී වෙඩි හුවමාරුවක්

වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. එහිදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කළ වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුවී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ගිනිඅවි 2 ක් සමඟ අත්අඩංගුවට … පාතාලය සහ පොලීසිය අතර කොස්ගොඩදී වෙඩි හුවමාරුවක්

නෙත්මි අහිංසාගේ ලෝකඩ බලාපොරොත්තුව බොඳවෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස ගිලීහි ගියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නෙත්මි අහිංසායි පදක්කම සඳහා තරඟ වැදුණේ. එහිදී ඇගේ ප්‍රතිවාදියා වූයේ කසකස්ථාන ක්‍රීඩිකාවක්. තරගය 13ට 1ක් ලෙස ජයගැනීමට එම කසකස්ථාන ක්‍රිඩිකාව සමත් වුණා.

ගාසාහි මහල් නිවාසයකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

ගාසා තීරයේ බටහිර ගාසා නගරයේ මහල් නිවාසයක් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. තවත් 6දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන පරිදි අද අලුයමයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ඉලක්ක වූ මහල් නිවාසය නේවාසික ගොඩනැගිල්ලක් වනවා. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ කොටසකට දැඩි හානි … ගාසාහි මහල් නිවාසයකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්