වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා.

එම පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

එහිදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කළ වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ගිනිඅවි 2 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.