Nishan Neth News

පස්වරු එකෙන් පසු බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් … පස්වරු එකෙන් පසු බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න බංග්ලාදේශයට ලකුණු 166 ක ඉලක්කයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 166 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවි ලකුණු 165 ක් ලබාගත්තා. ඒ අනුව ජයග්‍රාහි ලකුණු 166ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර … ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න බංග්ලාදේශයට ලකුණු 166 ක ඉලක්කයක්

සිවිල් ගුවන් සේවා අධිකාරියේ තවත් අක්‍රමිකතාවක් – අධ්‍යක්‍ෂ ජනරාල් නිල වාහනය අවභාවිත කරලා – ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක්

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුවන බව කියන තවත් අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දුෂණ විමර්ෂණ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතා විසින්. “සිවිල් ගුවන් සේවා අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා අනීතිකව නිල වාහනයක් භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ රජය බලයට පත් වුණේ එවැනි … සිවිල් ගුවන් සේවා අධිකාරියේ තවත් අක්‍රමිකතාවක් – අධ්‍යක්‍ෂ ජනරාල් නිල වාහනය අවභාවිත කරලා – ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පාලනයට G7 රටවලින් විශේෂ තීරණයක්

ලෝක වෙළඳපොළේ ඉහළ යමින් පවතින ඉන්ධන මිල ගණන් පාලනය කිරීම සඳහා බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100 ක් වෙළඳපොළට මුදාහැරීමට ජී-7 (G7) සමුළුවට අයත් බලවත් රටවල් එකඟතාව පළ කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ඉන් විශාල ඩීසල් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි එම රටවල් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ (IEA) සම්බන්ධීකරණය යටතේ ඉදිරි … ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පාලනයට G7 රටවලින් විශේෂ තීරණයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකාව අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගය වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඔවුන් අද සහභාගි වූ පළමු වටයේ 3වන තරඟය ජය ගනිමින්. ශ්‍රී ලංකාව මෙහිදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමග තරඟ වැදුණා. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 17ට 5ක් ලෙසයි. මීට පෙර පළමු වටයේ … ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකාව අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

පොත් සැණකෙළියේ නෙත් ඇල්ෆා ස්ටුඩියෝවේ වැඩ පෙන්වූ හපන්නු නෙත් එෆ් එම් ප්‍රධාන මැදිරියට

පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය සදහා වන වැට් බද්ද අඩු කිරීමට ඉදිරියේදි පියවර ගන්නා බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. “ඇත්තටම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ පොත්පත්වල, ලිපිද්‍රව්‍යවල වැට් බද්ද අවම කරන්න, අඩු කරන්න. … පොත් සැණකෙළියේ නෙත් ඇල්ෆා ස්ටුඩියෝවේ වැඩ පෙන්වූ හපන්නු නෙත් එෆ් එම් ප්‍රධාන මැදිරියට

බන්දුල අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටිනවා. ඒ, එම කොමිෂන් සභාව කළ දැනුම්දිමකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි. 2007 වසරේ වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට අදාළව එලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි වාර්තා වුණේ.

ලොකු පැටීගේ මල්ලි වෙඩි තබා ඝාතනය කළේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශවයෙන්ද? පොලිස් කණ්ඩායම් තුනකින් විමර්ශන

අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ සොහොයුරා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශවයෙන් බවට පොලිසිය සැක පළ කරනවා. ලොකු පැටී නමැත්තාගේ සොහොයුරා සිය නිවස ඉදිරිපිට රැදී සිටියදි පා ගමනින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩික්කරු කැළැබද ප්‍රදේශයක සිට පා ගමනින් පැමිණ වෙඩි තැබීම සිදුකර යළි කැළෑබද … ලොකු පැටීගේ මල්ලි වෙඩි තබා ඝාතනය කළේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශවයෙන්ද? පොලිස් කණ්ඩායම් තුනකින් විමර්ශන

හිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල් යයි

මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත්  කාන්තාවකට  එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 4 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකරුවන් … හිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල් යයි