Nishan Neth News

හිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල් යයි

මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත්  කාන්තාවකට  එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 4 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකරුවන් … හිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල් යයි

යෝෂිත අධිකරණයට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියා. එම අවස්ථාවේදී … යෝෂිත අධිකරණයට

උඩරට දුම්රිය මාර්ගයේ 75%ක වැඩ අවසන් – කොළඹ ගම්පොළ දුම්රිය ගමනාගමනය අද පස්වරුවේ සිට

මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ වනවා. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103 කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබුණා. දිට්වා සුළි කුණාටුවෙන් පසු අදියර කිහිපයක් යටතේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරිණි. ඒ අනුව … උඩරට දුම්රිය මාර්ගයේ 75%ක වැඩ අවසන් – කොළඹ ගම්පොළ දුම්රිය ගමනාගමනය අද පස්වරුවේ සිට

ඇමෙරිකානු ඩීසල් අපනයන තහනම හමුවේ යුරෝපයේ ඉන්ධන සංචිත වෙළඳපොළට මුදාහැරීමේ සූදානමක්

ඇමෙරිකාවෙන් සිදුකරන ඩීසල් අපනයන තහනම් කිරීමට තීරණය කළහොත්, යුරෝපා රටවල් සතුව පවතින ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහරින ලෙස ඉල්ලා සිටීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා. ලෝක වෙළඳපොළේ පවතින ඩීසල් හිඟය හමුවේ මෙම පියවර ගැනීමට අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකාව තුළ ඩීසල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් … ඇමෙරිකානු ඩීසල් අපනයන තහනම හමුවේ යුරෝපයේ ඉන්ධන සංචිත වෙළඳපොළට මුදාහැරීමේ සූදානමක්

හරියට වැඩි කළා නම් ඉන්ධන මිල තවත් ඉහළට – ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළයාම හමුවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 528 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත යුතුව තිබූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේවෙතත් ඩීසල් ලීටරයක් අළෙවි කරන්නේ රුපියල් 392 ක මිලකට බවයි පැවසෙන්නේ. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ සහ ඉන් පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගය … හරියට වැඩි කළා නම් ඉන්ධන මිල තවත් ඉහළට – ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අට වන දිනය අද

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අට වන දිනය අදයි. අද දිනයේද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා. පසුගිය දින 7 තුළ ලක්‍ෂ නවයක පමණ පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ … කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අට වන දිනය අද

අහුංගල්ලේ වෙඩි තැබීමකින් ලොකු පැටීගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට

අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදි එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත්තේ පා ගමනින් පැමිණි පුද්ගලයෙකු බවටයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව … අහුංගල්ලේ වෙඩි තැබීමකින් ලොකු පැටීගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ඉවතට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අදාල පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට … ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ඉවතට

ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් 45% ඉවරයි – තවමත් ආණ්ඩුව කරන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරපු ව්‍යාපෘති විවෘත කිරීම පමණයි – මරික්කාර් රතු කට්ටේදී කියයි

ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් 45% ක් ගතවී ඇති අතර තවදුරටත් වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති විවෘත කිරීමක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.