හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටිනවා.

ඒ, එම කොමිෂන් සභාව කළ දැනුම්දිමකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

2007 වසරේ වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට අදාළව එලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි වාර්තා වුණේ.