Nishan Neth News

අල්ලස් කොමිසම හිටපු මුදල් ලේකම් පී බී ගේ නිකවැරටියේ නිවසට පනී – එයාර් බස් ගණුදෙනුව ගැන පැය 4ක් ප්‍රශ්න කරයි

එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සදහා හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. සිය නිලධාරීන් කණ්ඩායමක් පී බී ජයසුන්දර මහතාගේ නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඒ අනුව හිටපු මුදල් ලේකම්වරයාගෙන් පැය 4කට ආසන්න … අල්ලස් කොමිසම හිටපු මුදල් ලේකම් පී බී ගේ නිකවැරටියේ නිවසට පනී – එයාර් බස් ගණුදෙනුව ගැන පැය 4ක් ප්‍රශ්න කරයි

ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙන් මැසිවිලි – ත්‍රීවිල් සහ බස් සංගම් නියෝජිතයෝත් කතා කරයි

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිය ජීවිකාව පවත්වාගෙන යාම සදහා තමන්ට දැරීමට සිදුව ඇති මුදලද තවත් ඉහළ යන බව ජනතාව පවසනවා. නෙත් නිවුස් කළ ක්‍ෂේත්‍ර චාරිකාවකදි ජනතාව මෙන්ම රියදුරන් කියාසිටියේ තමන් පිළිබදව ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.  “කියනවා විතරයි, කියන්න පුළුවන් කයිය නායකයන්ට ඕනෑ තරම්. කයිය විතරයි වැඩ නෑ. ආණ්ඩුව නං ඉතින් වැඩ … ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙන් මැසිවිලි – ත්‍රීවිල් සහ බස් සංගම් නියෝජිතයෝත් කතා කරයි

ෆ්ලයි ඩුබායි යානයක් බිම දැමීමේ උත්සාහයක් නූලෙන් වැළකෙයි

ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි FZ1073 ගුවන් යානය කඩාබිම හෙළීමට සහායක නියමුවා දැරූ උත්සාහය පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්දැයි ප්‍රකාශ කිරීමට තවමත් වේලාසන වැඩි බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කළේ, මෙම ප්‍රහාරයට ඉරානයේ කිසියම් සම්බන්ධයක් තිබේදැයි යන්න තවමත් තහවුරු වී … ෆ්ලයි ඩුබායි යානයක් බිම දැමීමේ උත්සාහයක් නූලෙන් වැළකෙයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු හා සේවකයින් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සිලෝන් නිවුස් පේපර්ස් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. වාණිජ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලක් මත සිදු කරන විමර්ශනයකට … හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු ජනපති රනිල්ගේ ආරක්‍ෂක නිලධාරියෙකුට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී,  කැමරා ශිල්පියා … හිටපු ජනපති රනිල්ගේ ආරක්‍ෂක නිලධාරියෙකුට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට

ශීසෙල්ස්හිදි ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක්

ශීසෙල්ස් රාජ්‍ය සමඟ පැවති දෙවන පාපන්දු තරඟයද විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රී සමත් වුණා. ශීසෙල්ස් රාජ්‍යයේදී මාහි දූපත්හි පැවති මෙම තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ ගෝල 2ට 0ක් ලෙසයි. දෙපිල අතර පැවති පළමු තරඟය ද ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ ගෝල 3ට 0ක් ලෙසයි. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමිවුණා. ශ්‍රී ලංකාව මෙවැනි … ශීසෙල්ස්හිදි ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලි ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කමට පස මිතුරන් අනිද්දා තරග බිමේ

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම සඳහා වන අවසන් තරගයට ඉන්දියාව සහ පකිස්තානය අද සුදුසුකම් ලබාගත්තා. පකිස්තාන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 6කින් ජය ගනිමින්. ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වැදුණා. එම තරගය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 124 කින්. ආසියානු … ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කමට පස මිතුරන් අනිද්දා තරග බිමේ

ඥානසාර හිමිට විවෘත වරෙන්තු

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කළා. ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා. ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන … ඥානසාර හිමිට විවෘත වරෙන්තු

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනෙකු කොහුවල සහ කඩවතදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ රැසක් සමග පුද්ගලයෙකු කොහුවල, නාලන්දා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 31 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී ටි-56 වර්ගයේ පතොරම් 26ක්, කඩුවක් සහ මන්නයක් ද … අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනෙකු කොහුවල සහ කඩවතදී අත්අඩංගුවට