Nishan Neth News

දෙහිවලට නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දෙදෙනෙකු ජිවිතක්‍ෂයට

දෙහිවල, කවුඩාන, සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලු‍යම තුනට පමණ මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

යුක්‍රේනයේ වෙළෙඳ සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් – 5ක් ජීවිතක්ෂයට – 67කට තුවාල

යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පිහිටි පව්ලොග්‍රාඩ් නගරයේ වෙළඳ සංකීර්ණයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 67 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ . මහජනතාවගෙන් පිරී පැවැති මාවත් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අයිවන් වියිව්ස්කි පවසනවා. ප්‍රහාරයෙන් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් … යුක්‍රේනයේ වෙළෙඳ සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් – 5ක් ජීවිතක්ෂයට – 67කට තුවාල

මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් රිමාන්ඩ්

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු ලබන 17 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, මහනුවර මහේස්ත්‍රාත්, විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය ලබාදුන් නියෝගයක් මතයි. අපරීක්ෂාකාරීව රිය ධාවනය කර පදිකයෙකු මරණයට ලක්කර, තවත් වාහන දෙකකට අලාභහානි සිදුකිරිමේ චෝදනා යටතේ එම වෛද්‍යවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා. වත්තේගම, ලේවැල්ල පාලම අසලදී සැකකාර වෛද්‍යවරයා පැදවූ මෝටර් … මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් රිමාන්ඩ්

22 විවාදයට ගන්න දින නියම වෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් සමග සාකච්ඡාවක

උතුරු, නැගෙනහිර සහ මලෛයගම් ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද සිදුව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. එහිදී වර්තමාන ආර්ථික තත්ත්වයත් සමඟ එම ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම උතුරු නැගෙනහිර සහ මලෛයගම් ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතා, … විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් සමග සාකච්ඡාවක

නුවරඑළියට ආ ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයා විශේෂ ආශිර්වාද පූජාවක

නුවරඑළියට ආ ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා යළි කොළඹ බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයකින්. ඉන්දිය ආරක්‍ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ එම හෙලිකෝප්ටරයෙන් නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයට පැමිණ බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්‍ෂ පැවසුවේ. එතැන් සිට දැඩි ආරක්‍ෂාවක් මධ්‍යයේ ඉන්දිය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා හග්ගල සීතා අම්මාන් කෝවිලට … නුවරඑළියට ආ ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයා විශේෂ ආශිර්වාද පූජාවක

රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් බෝතල් හා කඩදාසි භාවිතය තවදුරටත් අවම කිරීමට පියවර

රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් බෝතල් හා කඩදාසි භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන තුළ මේ වනවිටත් බොහෝ ලිපි ලේඛන කටයුතු ඩිජිටල්කරණය වී ඇති බවයි. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ … රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් බෝතල් හා කඩදාසි භාවිතය තවදුරටත් අවම කිරීමට පියවර

මින්නේරියේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර ළමුන් දෙදෙනෙකුත්

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්‍රදේශයේ අද අළුයම සිදුවූ බස් රථ අනතුරෙන් පුද්ගලයන් විසි දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර වයස අවුරුදු තුනක සහ වයස අවුරුදු 13 ක දරුවන් දෙදෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම බස් රථ රියදුරා සහ රිය සහායකවරයාද තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිසෙන් 16 දෙනෙකු පොළොන්නරුව රෝහලටත් සෙසු පිරිස … මින්නේරියේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර ළමුන් දෙදෙනෙකුත්

ඥානසාර හිමියන්ට ප්‍රදාන කර තිබූ ජනපති පොදුසමාව බලරහිත කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් … ඥානසාර හිමියන්ට ප්‍රදාන කර තිබූ ජනපති පොදුසමාව බලරහිත කෙරේ