Nishan Neth News

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලබන 5 වනදාට පෙර

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ එම විභාග ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර ඇති බවයි. එම ලේඛණ යළි පරීක්‍ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පසුවන බවද ඔහු පැවසුවා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය … ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලබන 5 වනදාට පෙර

22 ට එරෙහි පෙත්සම් විභාගය අද සිට – පත් කල විනිසුරු මඩුල්ල ගැන පෙත්සම්කාර පාර්ශවයන්ගෙන් විරෝධයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම අද ආරම්භ වනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා. එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරුවරයායි. සෙසු සාමාජිකයින් වශයෙන් අචල … 22 ට එරෙහි පෙත්සම් විභාගය අද සිට – පත් කල විනිසුරු මඩුල්ල ගැන පෙත්සම්කාර පාර්ශවයන්ගෙන් විරෝධයක්

තුවා අස්සේ සඟවා තිබියදී කොළඹ වරායෙන් සොයා ගත් කෝටි 800ක අයිස් තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තුනක් අත්අඩංගුවට

කොළඹ වරායේදී කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගත් අයගෙන් දෙදෙනෙකු පකිස්ථාන ජාතිකයන් බවයි කියවෙන්නේ. කන්ටේනරය තුල තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 463ක් පමණ බවට මේ වන විට ගණන් බලා තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 800ට වැඩි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. කොළඹ වරායේ … තුවා අස්සේ සඟවා තිබියදී කොළඹ වරායෙන් සොයා ගත් කෝටි 800ක අයිස් තොගය සම්බන්ධයෙන් සැකකරුවන් තුනක් අත්අඩංගුවට

පොලීසියට තඟ දමා පලා යන්න හැදූ ඕලු මරා අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු ‘ඕළු මරා‘ නමැති ප්‍රබල අපරාධකරු  ලුණුවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුණුවිල – කිරිමැටියාන වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, ලුණුවිල පොලිස් ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් පසුවයි. මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කර අත්අඩංගුවට ගැනීමට යාමේදී, එම පුද්ගලයා සහ ‘ඕළු මරා‘ නමැති සැකකරු එක්ව … පොලීසියට තඟ දමා පලා යන්න හැදූ ඕලු මරා අත්අඩංගුවට

භූතානයේදී අගමැති හරිනි මහත් හරසරින් පිළිගනී

    භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා. එහිදී භූතාන අග්‍රාමාත්‍යවරයා, භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, … භූතානයේදී අගමැති හරිනි මහත් හරසරින් පිළිගනී

ධවල මන්දිරයේ ඩොලර් මිලියන 400ක උත්සව ශාලාව හැදීමට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර –  ට්‍රම්ප්ට ජයක් හිමිවෙද්දී අග විනිසුරුගෙන් දැඩි විරෝධයක්

ධවල මන්දිර පරිශ්‍රයේ ඩොලර් මිලියන 400 ක පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත දැවැන්ත උත්සව ශාලාවේ (Ballroom) කටයුතු ඉදිරියට කරගෙන යාමට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ,පහළ අධිකරණ මගින් මෙම ඉදිකිරීම් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝග අවලංගු කරමින්. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 5 ට 4 ක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට පක්ෂව මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් … ධවල මන්දිරයේ ඩොලර් මිලියන 400ක උත්සව ශාලාව හැදීමට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර –  ට්‍රම්ප්ට ජයක් හිමිවෙද්දී අග විනිසුරුගෙන් දැඩි විරෝධයක්

පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

පයාගල, කොස්හේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. ඔහු කොස්හේන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් “කුඩු සලිඳු”ගේ පාර්ශවය විසින් “පානදුරේ නිලංග” නම් පුද්ගලයාගේ  “ඩිලා” නැමැත්තාට මෙලෙස වෙඩි තබා … පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

පයාගල වෙඩි තැබීමක්

පයාගල, නයිමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් “කුඩු සලිඳු”ගේ පාර්ශවය විසින් “පානදුරේ නිලංග” නම් පුද්ගලයාගේ  “ඩිලා” නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වන්නේ. වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

රවී කරුණානායකට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රවී කරුණානායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.