Nishan Neth News

කොළඹ වරායේ කන්ටේනරයක ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක්

කොළඹ වරායේ සිදුකළ පොලිස් වැටලීමකදී කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. වැටලීම සිදු කර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. සොයාගත් සැකසහිත ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය බවට විශ්වාස කෙරෙනවා. අදාල කන්ටේනරය පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද එකක්. මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය එහි තිබී ඇත්තේ තුවා අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරායි. ජාවාරමට … කොළඹ වරායේ කන්ටේනරයක ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම මිල සංශෝධනය සිදු කිරීමට පියවර ගත් බව එම සංගමය පැවසුවේ. මේ අතර ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පසුගිය … අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට

22 වන සංශෝධනයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (31) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා. එම  විනිසුරු … 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා. මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම මතු කරනු ලැබුවා. කෙසේ … අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්

යෝෂිතට එරෙහි නඩුවක් කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ … යෝෂිතට එරෙහි නඩුවක් කල් යයි

අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

අකුරැස්ස, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ සංවර්ධන නිළධාරීන් අද කෑම පැයේදී විරෝධතාවක නිරත වුණා. ඒ, එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි. සංවර්ධන නිළධාරී සේවා ව්‍යවස්ථාවක්, නිසි උසස්වීම් ක්‍රමවේදයක්, උපාධියේ මට්ටමට ගැළපෙන රාජකාරි ලැයිස්තුවක් දිනා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි එම අවස්ථාව ආවරණ කළ නෙත් නිවුස් නියෝජිත ප්‍රියන්ත දසනායක පැවසුවේ.

වසර තුනකට පසු දසුන් යළිත් එක්දින සංචිතයට කැඳවයි

එළඹෙන එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක එක්වීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි පවසනවා. 2023 වසර දක්වා ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නායකත්වය හෙඹවූ දසුන් ශානක පසුව දැක්වූ දුර්වල පිතිකරණ රටාව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට එවකට තේරීම් කමිටුව තීරණය කළා. පසුව අවස්ථා කිහිපයක දී එක්දින කණ්ඩායමට … වසර තුනකට පසු දසුන් යළිත් එක්දින සංචිතයට කැඳවයි

නේපාලයේ අතුරුදන් වූ පිරිස තවත් ඉහළට

නේපාලයේ ඉකුත්දා ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 4,247 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද අවම වශයෙන් 903 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතුරුදහන් වී ඇති පිරිස අතර නේපාල ජාතිකයින් 3,655 දෙනෙකු සහ විදේශිකයින් 592 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ. මෙලෙස අතුරුදහන් වූවන්ගෙන් සිය … නේපාලයේ අතුරුදන් වූ පිරිස තවත් ඉහළට

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරමින් නියෝගයක්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාලව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කළා. ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත් … ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරමින් නියෝගයක්