Nishan Neth News

ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට මාධ්‍යවේදීන් 90කට ලැප්ටොප් සහ ජංගම දුරකථන

ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධාන කළ වැඩසටහනකදී, ලන්ඩනයේ ව්‍යාපාරික හා සමාජ සේවක සීවරත්නම් මුරේස්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන් 90කට ලැප්ටොප් සහ ජංගම දුරකථන ප්‍රදානය කර තිබෙනවා. වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම වැඩසටහන පැවැත්වුණා. ඒ අනුව මාධ්‍යවේදීන් 65 දෙනෙකුට ලැප්ටොප් පරිගණකද, තවත් මාධ්‍යවේදීන් 25 දෙනෙකුට ජංගම දුරකථනද ලබාදී ඇති අතර, … ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට මාධ්‍යවේදීන් 90කට ලැප්ටොප් සහ ජංගම දුරකථන

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්‍ෂය ඊට විරෝධය දැක්වූවා. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්.

කෙහෙළිය අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ​විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ​ජාතික රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවමින් සේවකයින් 06 දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීම හරහා රජයට පාඩුවක් … කෙහෙළිය අත්අඩංගුවට

රාජිතගේ සොහොයුරු මහිල් සේනාරත්න අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහීල් සේනාරත්න මහතා 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා. එම කාලසීමාවේ දිවයින පුරා මත්ස්‍ය අලෙවිසැල් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීමේ දී නියමිත … රාජිතගේ සොහොයුරු මහිල් සේනාරත්න අත්අඩංගුවට

රෝද පුටුවක නැග කෙහෙළිය අල්ලස් කොමිසමට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඔහු රෝද පුටුවකින් එම කොමිෂන් සභාව වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතා එලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඉන්දිය කණ්ඩායම දෙවනි ඉනිමට පන්දුවට පහර දෙන්න පිටියට

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සිව් වන දිනටත් දැන් ක්‍රියාත්මකයි. සිය දෙවනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 11 ක් රැස්කරගෙන සිටියා. යශස්වි ජයිස්වාල් පළමු කඩුල්ල ලෙස දැවි ගියේ කිසිදු ලකුණක් නොලබා සිටියදීයි. අසිත ප්‍රනාන්දු එම කඩුල්ල දවා ගත්තා. … ඉන්දිය කණ්ඩායම දෙවනි ඉනිමට පන්දුවට පහර දෙන්න පිටියට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ආරම්භ වනවා. අද සවස 06යි 52 ට යෙදෙන සුබ මොහොතින් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. ලබන 22 වනදා දක්වා දින 5ක් කුඹල් පෙරහැර පැවැත්වෙනවා. පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර, මේ මස 27 වැනිදා අවසන් … මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අකටයුතු නිලධාරීන් ගැන විමර්ශන ඇරඹෙයි

සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකටයුතු පිළිබඳ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිවිල් ක්‍රියාකාරිකයකු වන දිනේෂ් ද අල්විස් මහතා ඉකුත් අප්‍රේල් 27 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුවයි මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ නිලයක් හොබවන තැනැත්තෙකු  A3 – 20 එයාර් බස් ගුවන් නියමු බලපත්‍රය … සිවිල් ගුවන් සේවා අධිකාරියේ අකටයුතු නිලධාරීන් ගැන විමර්ශන ඇරඹෙයි

ඕමානයට ට්‍රම්ප්ගෙන් සැර තර්ජනයක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා කිරීමට කටයුතු කළහොත්, අමෙරිකාවේ කලාපීය මිත්‍ර රටක් වන ඕමානයට පහරදෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තදබල ලෙස තර්ජනය කර තිබෙනවා. ෆොක්ස් නිව්ස් නාලිකාවේ වාර්තාකරු ටේ්‍ර යින්ග්ස්ට් සමඟ පැවැති දුරකථන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බවයි වාර්තා වන්නේ. ගෝලීය වෙළඳාමට සහ බලශක්ති සැපයුමට අතිශය … ඕමානයට ට්‍රම්ප්ගෙන් සැර තර්ජනයක්