Nishan Neth News

සැප්තැම්බර් 15 සිට චීනයට ඇතුළුවීමේ සහ පිටවීමේ වීසා නීති තද වෙයි

  එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට ඇතුළුවීම සහ පිටවීම සම්බන්ධයෙන් වන දේශසීමා පාලන නීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇත. නව සංශෝධනවලට අනුව, සංචාරකයින්ගේ විද්‍යුත් දත්ත මෙන්ම ඔවුන්ගේ සංචාරක අරමුණු පරික්ෂා කිරීම සඳහා ආගමන විගමන සහ වීසා බලධාරීන්ට වැඩි බලතල හිමිවනු ඇත. මෙම නව රෙගුලාසිවලට අනුව චීනයට ඇතුළුවීම, පිටවීම, රැඳී … සැප්තැම්බර් 15 සිට චීනයට ඇතුළුවීමේ සහ පිටවීමේ වීසා නීති තද වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබද සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ. සිය පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව බුද්ධික හේවාවසම් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

හබරකඩ වෙඩි තැබූ සැකකරුවන් සොයා විමර්ශන

අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ තවදුරටත් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම පුද්ගලයා හෝටල් හිමිකරුවෙකු බවටයි පැවසෙන්නේ. එමෙන්ම ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නමැත්තාගේ ඥාතියෙකු බවටද පැවසෙනවා. වෙඩි තබා පලාගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට … හබරකඩ වෙඩි තැබූ සැකකරුවන් සොයා විමර්ශන

විපක්‍ෂය විශේෂ සාකච්ඡාවක

පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. මේ, එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා. “දැන් මුළු රටම, මුළු ලෝකෙම ආගමික නායකයින්, මහා නායක ස්වාමීන් වහන්සේලා, වෙනත් ආගමික නායකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මේ නීතිඥ සංගමය, … විපක්‍ෂය විශේෂ සාකච්ඡාවක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය අද දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වයස 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනුසුරුවරුන්ගේ වයස 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට යෝජනා කෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පල කෙරුණේ ඉකුත් 07 වනදායි. ඒ අනුව … 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ඉන්දියානු ගුවන් හමුදාව සවිබල ගැන්වීමට ඩොලර් බිලියන 12 ක දැවැන්ත ආරක්ෂක ව්‍යාපෘතියක්

  ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් බහුකාර්ය ප්‍රවාහන ගුවන් යානා 60 ක් සහ ජෙට් පුහුණු ගුවන් යානා 150 ක් මිලදී ගැනීම සඳහා යෝජනා කැඳවීම් දෙකක් නිකුත් කර ඇත. ‘Armádní noviny’ වාර්තාවලට අනුව, මෙම ආරක්ෂක ව්‍යාපෘති ද්විත්වයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් ලෙස තක්සේරු කර තිබේ. මෙයින් විශාලතම ව්‍යාපෘතිය වන්නේ ටොන් 18 සිට 30 දක්වා … ඉන්දියානු ගුවන් හමුදාව සවිබල ගැන්වීමට ඩොලර් බිලියන 12 ක දැවැන්ත ආරක්ෂක ව්‍යාපෘතියක්

හබරකඩ වෙඩි තැබීමක්

හබරකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු  හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.      

ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත්, ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි. එහිදී  අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරුවන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය … ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්

හෝමාගම ගින්නක්

හෝමාගම නගරයේ වෙළෙඳ සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ පිලිබද සොයා බැලීමට පොලිස් නිලධාරීන් එම ස්ථානය වෙත යමින් සිටින බවයි වාර්තා වුණේ.