Nishan Neth News

වෙඩි වැදුණු බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.   ​එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව වනවා. ​සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙනිය පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මිද්දෙනියේ වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මවට තුවාල

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ​මෙලෙස තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව බවයි වාර්තා වන්නේ. ​සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙනිය පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.  

බ්‍රික්ස් රාජ්‍යයන් අතර වේගවත් ගෙවීම් පද්ධති සහ ඩිජිටල් මුදල් සම්බන්ධ කිරීමට සාකච්ඡා

  බ්‍රික්ස් (BRICS) සාමාජික රටවල වේගවත් ගෙවීම් පද්ධති සහ මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් එකිනෙකට සම්බන්ධ කිරීම කෙරෙහි එම සංවිධානයේ අවධානය යොමු වී ඇති බව ඉන්දීය මහ බැංකුවේ අධිපති සංජේ මල්හෝත්‍රා ප්‍රකාශ කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු නැගී එන ආර්ථික සහිත රටවල් රැසකින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ 2026 වාර්ෂික රාජ්‍ය නායක සමුළුවේ සන්දර්ශක … බ්‍රික්ස් රාජ්‍යයන් අතර වේගවත් ගෙවීම් පද්ධති සහ ඩිජිටල් මුදල් සම්බන්ධ කිරීමට සාකච්ඡා

නව යුද හමුදාධිපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගනී

යුද  හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා  කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.

ගගනගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයන ප්‍රධාන ගෝලයා STF අත්අඩංගුවට

  හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.   එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 59 ක් සහ ‘එක්ස්ට්‍රසී’ (Ecstasy) වර්ගයේ මත්පෙති 800 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූ … ගගනගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයන ප්‍රධාන ගෝලයා STF අත්අඩංගුවට

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රිඩිකාවන් ලකුණු 100ක් සමග ඉන්දියාවට දුවන්න දෙයි – අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබයි

ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දියාවට එරෙහිව ලකුණු 100ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරගාවලියේදී කණ්ඩායමක් තරඟයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. තරගය පුරා ඉන්දීය ක්‍රිඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 34ක් පමණක් වූ අතර ඒ අනුව තරඟය ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් ජය ගත්තා. ඒ සමග පළමු වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම … ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රිඩිකාවන් ලකුණු 100ක් සමග ඉන්දියාවට දුවන්න දෙයි – අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබයි

ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

ඕමාන් බොක්ක ඔස්සේ ඉරාන වරායක් වෙත ගමන් කරමින්, ඇමරිකාව විසින් පනවා ඇති නාවික සම්බාධක බිඳහෙළීමට තැත් කළ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම විධාන බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පැනමා රාජ්‍යයේ ධජය යටතේ සේවයේ යෙදී තිබූ ‘වේලා නෝවා‘ නමැති මෙම නෞකාව වෙත ඇමරිකානු නාවික හමුදා හෙලිකොප්ටර් යානයක් … ඉරාන වරායක් වෙත ගමන් කරමින් තිබූ නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

ලෝක අලි ඇතුන්ගේ දිනය අද

ලෝක අලි ඇතුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. පරිසරණ පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන, අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව හා පැවැත්ම වෙනුවෙන් මුළු මහත් ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා. ආසියානු අලියා යනු හුදෙක් ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා පමණක් නොව සමස්ත පරිසර පද්ධතියේම පැවැත්ම තීරණය කරන අද්විතීය සත්ව විශේෂයක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව … ලෝක අලි ඇතුන්ගේ දිනය අද

ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර හමුව පස්වරුවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ … ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර හමුව පස්වරුවේ