Nishan Neth News

දකුණු කොරියාව සහ ඉන්දියාව අතර රේගු සහයෝගීතාව ඉහළට

  දකුණු කොරියාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු වඩාත් සුමටව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා දෙරටේ රේගු පරිපාලන අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවයකට පැමිණි බව කොරියානු රේගු සේවය නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කොරියානු රේගු සේවයේ නිලධාරීන් සහ ඉන්දියාවේ වක්‍ර බදු සහ රේගු පිළිබඳ මධ්‍යම මණ්ඩලයේ නිලධාරීන් අතර නවදිල්ලි නුවරදී පවත්වා ඇත. … දකුණු කොරියාව සහ ඉන්දියාව අතර රේගු සහයෝගීතාව ඉහළට

චීන බලපෑම ගැන ඉතාලිය සීරුවෙන්

  චීනය සම්බන්ධයෙන් ඉතාලි ආරක්ෂක අංශ අනුගමනය කරන උපායමාර්ගික ප්‍රවේශය පිළිබඳව වැදගත් තොරතුරු රැසක්, ඉතාලියේ ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (COPASIR) විසින් නිකුත් කරන ලද නවතම වාර්ෂික වාර්තාව මගින් අනාවරණය කර ඇත. යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය වැනි කරුණු වර්තමාන භූ-දේශපාලනික කතිකාවත තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වුවද, මෙම වාර්තාව මගින් චීනයේ බලපෑම … චීන බලපෑම ගැන ඉතාලිය සීරුවෙන්

පාකිස්තානයේ විරෝධතා අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියයයි

  පාකිස්තාන පාලිත කාශ්මීරයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පීටර්බරෝ හි පදිංචිව සිටි 50 හැවිරිදි මොහොමඩ් අක්තාර් නැමැති අයෙකි. ජූනි 09 වැනිදා පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකදී ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදීමෙන් මෙම මරණය සිදු වී ඇත. … පාකිස්තානයේ විරෝධතා අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියයයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, “රත්මලානේ සයිමා” රැඳවුම් භාරයට

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නැමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බවයි. වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදුන් මෙම … මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, “රත්මලානේ සයිමා” රැඳවුම් භාරයට

දැඩි ආරක්‍ෂිත සත්ව කොටස් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුවිට, පැරඩයිස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී දැඩි ආරක්ෂිත සත්ව කොටස් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරක් මත වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. එහිදී ගෝන අං, මුව අං සහ ඇත් දළවලින් නිර්මාණය කළ ආභරණ, අලියෙකුගේ දත් කොටස්, නරියෙකුගේ හම් කොටසක් සහ කස්තුරි කැබැල්ලක් … දැඩි ආරක්‍ෂිත සත්ව කොටස් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අස්වැසුම මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනා යළි රිමාන්ඩ්

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර මුදල් වංචාවක් සිදු කල එම කාර්යාලයේ අංශභාර නිළධාරිනියන් දෙදෙනා ලබන 25 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ලබාදුන් නියෝගයක් මතයි. අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් නෝර්වුඩ් … අස්වැසුම මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනා යළි රිමාන්ඩ්

මහගොඩයායේදී බස් රථයක් පෙරළෙයි

බුත්තල – මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රැදී සිට ඇත්තේ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු පමණයි. අනතුරෙන් රියදුරා පමණක් සුළු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොණරාගල සිට තණමල්විල දක්වා ධාවනය … මහගොඩයායේදී බස් රථයක් පෙරළෙයි

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – තිදෙනෙකු තවමත් රෝහලේ

නෝර්වුඩ්, අයර්බි වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරු 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. තේ වත්තේ ගසක් මුදුනේ බැද තිබූ බඹර වදයකට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුනු බඹරුන් එම වතු කම්කරුවන්ට දෂ්ට කර තිබෙනවා. රෝහල් ගත කල … වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – තිදෙනෙකු තවමත් රෝහලේ

සීනිගම රාත්‍රී පෙරහැර අද

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍යයේ රාත්‍රි පෙරහර අද වීදි සංචාරය කෙරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පල කළ ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මාධ්‍ය අංශ ප්‍රධානී දුලිප් දිල්ෂාන් මහතා. “සීනිගම දේවාලයේ 59 වන ඇසළ මංගල්‍යයේ පළවෙනි දිවා පෙරහැර රාත්‍රී පෙරහැර ඊයේ සාර්ථක ලෙස අපි නිම කරනු ලැබුවා. අද දිනයේත් රාත්‍රී පෙරහැර පැවැත්වෙනවා. … සීනිගම රාත්‍රී පෙරහැර අද