Nishan Neth News

ජනපතිගේ සාකච්ඡාවෙන් පස්සේ දැන් මොකද වෙන්නේ – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරි දිනවලදී ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි.

කටින් කිව්වට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බැහැ – පාඨලී රතු කට්ටේදී කියයි

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ගොඩනැගී ඇතත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. නෙත් නිව්ස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර බලපෑම් එල්ල වූ වහාම ආණ්ඩුවට මෙම යෝජනාව හකුලා ගැනීමට සිදුවන බවයි. … කටින් කිව්වට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බැහැ – පාඨලී රතු කට්ටේදී කියයි

බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුමක්

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම කාන්තාව සිය නිවස ඉදිරිපිට රැදී සිටි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා. එහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල … බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුමක්

හෝමාගම ජල කාන්දුවක් – හයිලෙවල් මාර්ගය පුරා ජලය ගලා යයි

හෝමාගම, පිටිපන මංසන්ධියේ ජල නළයක කාන්දුවක් සිදුව තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් විශාල ජල ප්‍රමාණයක් එම ස්ථානයෙන් හයිලෙවල් මාර්ගය පුරා ගලා යන බවයි නෙත් නිවුස් ඇමතූ ශ්‍රාවකයෙකු වන සුගත් චාමින්ද පැවසුවේ. “අද උදෑසන අපි එන විට දුටුවා පිටිපන හන්දියේ ජල නලයක් කැඩිලා වතුර කාන්දු වෙනවා. මම විශේෂයෙන් කියන්න ඕන පාපැදිකරුවන්, යතුරුපැදිකරුවන්, එතකොට වාහන ධාවනය කරන … හෝමාගම ජල කාන්දුවක් – හයිලෙවල් මාර්ගය පුරා ජලය ගලා යයි

ජපානයේදී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කෙරේ – සැකකාර ශ්‍රී ලාංකික තරුණයාද අත්අඩංගුවට

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා නගරයේ පිහිටි නිවසකදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් අනෙක් තරුණයාගේ උදර ප්‍රදේශයට එලෙස තියුණු ආයුධයෙන් පහරදී ඇති බවයි ජපාන් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියෙන් පසු සැකකරු විසින්ම හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලබාදී … ජපානයේදී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කෙරේ – සැකකාර ශ්‍රී ලාංකික තරුණයාද අත්අඩංගුවට

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ඒ, පිළිබද තවත් තොරතුරු නෙත් නිවුස් නියෝජිත කමල් සූරවිරගෙන්. ”මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 6 පසු වී විනාඩි 17 ට යෙදුණු සුබ නැකතට අනුව සිදු වුණා. ඊයේ දිනයේ අලුත්නුවර … මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවයි

පාකිස්ථානයේ අවි ආයුධවලින් 80%ක්ම චීනයෙන්!

  ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, 2021 සිට 2025 දක්වා කාලය තුළ ලොව පස්වැනි විශාලතම ආයුධ ආනයනකරුවා බවට පාකිස්ථානය පත්ව ඇති අතර, එම ආයුධවලින් 80%ක්ම ලබාගෙන ඇත්තේ චීනයෙනි. 2016 සිට 2020 දක්වා කාලය තුළ මෙම චීන සැපයුම් අනුපාතය පැවතුණේ 73%ක මට්ටමේය. පාකිස්ථානය දැඩි ආර්ථික අර්බුදයක පසුවුවද, තවමත් ඩොලර් බිලියන … පාකිස්ථානයේ අවි ආයුධවලින් 80%ක්ම චීනයෙන්!

සඳ ගවේෂණයේ තීරණාත්මක මෙහෙයුමකට අමෙරිකාවෙන් ඉන්දියාවට ඇරයුමක්

  ලෝක අභ්‍යවකාශ ගවේෂණයේ අනාගතය වෙනස් කළ හැකි සුවිශේෂී පියවරක් තබමින්, සඳ මත මානව වර්ගයාගේ පළමු ස්ථිර ජනාවාසය පිහිටුවීමේ නාසා ආයතනයේ අභිලාෂකාමී චන්ද්‍ර පදනම් වැඩසටහනට එක්වන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නිල වශයෙන් ආරාධනා කර ඇත. අගෝස්තු 5 සහ 6 යන දිනවල බෙන්ගලූරු හි පිහිටි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධාන (ISRO) මූලස්ථානයේදී පැවැත්වූ 9 වැනි … සඳ ගවේෂණයේ තීරණාත්මක මෙහෙයුමකට අමෙරිකාවෙන් ඉන්දියාවට ඇරයුමක්

නීතිඥ සංගමයට ජනපති දුන් උත්තර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ​පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළත් 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළව නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. … නීතිඥ සංගමයට ජනපති දුන් උත්තර