Nishan Neth News

කැළණි ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවට හදිසි දැනුම්දීමක්

ඉදිරි පැය 48 කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට වැඩි තිව්‍රතාවයකින් යුතුව සැළකිය යුතු වර්ෂාවක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඉදිරියේදී ද … කැළණි ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවට හදිසි දැනුම්දීමක්

පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේ දී රුමේෂ් ලක්මව රනින් සරසවයි

දශක දෙකකට පමණ පසු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට රුමේෂ් තරංග අද සමත් වුණා. ඒ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්. පොදු රාජ්‍ය මණ්ඩලියිය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වෙනවා. එමෙන්ම පොදු රාජ්‍යය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මලල … පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේ දී රුමේෂ් ලක්මව රනින් සරසවයි

පුජිත් සහ හේමසිරි වැලිකඩ බන්ධනාගාරයට

  මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අධිකරණයේ සිට දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයකින් ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන් අනතුරුව සිරකරුවන් ලෙස ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ ලියාපදිංචි කර තිබෙනවා. … පුජිත් සහ හේමසිරි වැලිකඩ බන්ධනාගාරයට

පූජිත්ට හා හේමසිරිට වැලිකඩ සූදානම් කෙරේ

  මරණීය දණ්ඩනය නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවීමට තීරණය කර තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ චෝදනාවලට ඔවුන් දෙදෙනාට මරණීය දණ්ඩනය අද නියම වුණා.

මිරිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

  මිරිස්ස මංසන්ධියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි F.U. වුට්ලර් මහතා පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් රාත්‍රි 7.20 ට පමණ එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්. ඔහුට වෙඩි තබා ඇත්තේ … මිරිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

පූජිත්ගෙන් පසු හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඩුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද අදාළ සිද්ධියට මීට … පූජිත්ගෙන් පසු හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඩුවම

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඩුවම

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඩුවම නියම කර තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කරමින්. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබෙනවා.  

රටක් බලා සිටින පදක්කමක් – රුමේෂ්ගේ සූදානම මෙන්න – තීරණාත්මක තරගය අද රාත්‍රියේ

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග මෙම තරගයේදී මව් බිමට පදක්කමක් දිනා දෙනු ඇතැයි බොහෝ දෙනා සිට්න්නේ දැඩි අපේක්ෂාවෙන්. මෙම ඉසව්වේ මූලික වටයේ ඊයේ පැවති තරගයේදී වත්මන් ලෝක ශූරයා වන ග්‍රෙන්ඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ඔලිම්පික් රන් සහ රිදී පදක්කම්ලාභීන් … රටක් බලා සිටින පදක්කමක් – රුමේෂ්ගේ සූදානම මෙන්න – තීරණාත්මක තරගය අද රාත්‍රියේ

ඉන්ධන මිල ගැන තීරණයක්

  අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ අගෝස්තු මාසයේද ඉන්ධන අළෙවි කරන බවයි එම සංස්ථාව සදහන් කළේ.