Nishan Neth News

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නට යුද හමුදාපති ධුරය

නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මතයි. එම පත්කිරීමත් සමග ඔහු ලු‍තිනන් ජෙනරාල් ධූරයට උසස් කෙරෙනු ඇති. මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයෙක් වනවා. පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති ඔහු යුද හමුදා … මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නට යුද හමුදාපති ධුරය

කතරගම පෙරහැර සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ වෙළදුන් 43 දෙනෙකුට දඩ

මෙවර පැවති කතරගම ඇසළ පෙරහර මංගල්‍ය කාලය තුල පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ වෙළදුන් 43 දෙනෙකුට රුපියල් ලක්‍ෂ පහකට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා. ඇසළ මංගල්‍ය ආරම්භ වූ පසුගිය 15දා සිට 30 වනදා දක්වා කාලය තුල කතරගම නගරය, සෙල්ලකතරගම නගරය, වැඩසිටි කඳු පාමුල වෙළඳ සැල් සහ ආශ්‍රිත මාර්ගයන්හි වෙළඳසැල් පරීක්ෂාවට ලක් කළ බවයි කතරගම … කතරගම පෙරහැර සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ වෙළදුන් 43 දෙනෙකුට දඩ

තමන් රාජකාරී කරන සමාගමේ තොරතුරු වෙනත් සමාගමකට දුන් නිලධාරියෙකුට වැඩ වරදී

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි අත්වැසුම් නිෂ්පාදන සමාගමකට අයත් නිෂ්පාදන සහ වෙළඳ රහස් මූල්‍යමය වාසි උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කිරීමෙන් බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කළ නිලධාරියෙකුට රුපියල් මිලියන 50 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ​කටුනායක ඒ.ටී.ජී සිලෝන් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සමාගමේ හිටපු කාර්මික … තමන් රාජකාරී කරන සමාගමේ තොරතුරු වෙනත් සමාගමකට දුන් නිලධාරියෙකුට වැඩ වරදී

ශ්‍රී ලංකාව දැන් ඉන්න තැන

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ට්‍රිපල් සී ප්ලස් මට්ටමට පැමිණ ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය මැනීමේ හොඳ මිනුමක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නේ. “ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන, ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා. අපි දන්නවා … ශ්‍රී ලංකාව දැන් ඉන්න තැන

ඥානසාර හිමිගේ නඩුවක් කල් යයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර … ඥානසාර හිමිගේ නඩුවක් කල් යයි

මාළු මිලත් ඉහළ ගියේ එල්-නීනෝ නිසාද? මත්ස්‍ය වෙළදුන්ගෙන් උත්තර

මෙම කාලසීමාව තුළ මාලු මිල පහළ යායුතු වුවත් වෙළදපොලේ මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම තමන්ටද ගැටළුවක් බව මත්ස්‍ය වෙළද සංගම් පවසනවා. වෙළදපොළේ මාලු මිල ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සමග සිදුකළ සංවාදයකදි මෙම අදහස් පළා. ප්‍රශ්නය : “මේ වන විට … මාළු මිලත් ඉහළ ගියේ එල්-නීනෝ නිසාද? මත්ස්‍ය වෙළදුන්ගෙන් උත්තර

එල්-නීනෝ හමුවේ කටයුතු කරන්නේ කෙසේ දැයි මෙතෙක් දැනුම් දී නැතැයි ගොවීන්ගෙන් රජයට චෝදනා

එල්-නීිනෝ තත්ත්වය හමුවේ සිය වගා කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් හදුන්වාදී නැතැයි ගොවීන් චෝදනා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේද ඇතැම් ප්‍රදේශවල මේ වනවිටත් වගාවන් හානි වී ඇති බවයි රජරට පොදුජන ගොවි එකමුතුවේ සභාපති කේ විජේවීර මහතා පැවසුවේ. “අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, විලච්චියේ, එහා කෙළවරේ සඳමල්එලිය වැනි ගම්මානවලට ගිහිල්ලා බලන්න, අද වෙනකොට ඒ මිනිස්සුන්ගේ … එල්-නීනෝ හමුවේ කටයුතු කරන්නේ කෙසේ දැයි මෙතෙක් දැනුම් දී නැතැයි ගොවීන්ගෙන් රජයට චෝදනා

ඉන්ධන මිල වැඩි වෙයිද? තීරණාත්මක සාකච්ඡාව පස්වරුවේ

මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු හයට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේදීයි. එහිදී ගනු ලබන තීරණ මත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද රාත්‍රීයේ ප්‍රකාශයට පත් කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදි පැවසුවේ. කෙසේ වෙතත්, මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී මිල ගණන් … ඉන්ධන මිල වැඩි වෙයිද? තීරණාත්මක සාකච්ඡාව පස්වරුවේ

වැල්ලවායේ අලිකොටආර ඉහළ කදු රක්‍ෂිතයේ ගින්නක්

වැල්ලවාය, අලිකොටආර ඉහළ කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර දහයකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රී කාලය පුරාද එම රක්‍ෂිතයේ පැතිර ගිය බවයි නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. එම ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. කෙසේවෙතත් අලිකොටආර ඉහළ කඳු රක්ෂිතයේ හටගත් ගින්න … වැල්ලවායේ අලිකොටආර ඉහළ කදු රක්‍ෂිතයේ ගින්නක්