Nishan Neth News

ජීවිත අනතුරේ හෙළු බාල හෙල්මට් වැටලීමක් – හෙල්මට් 3500 කට වැඩි ගණනක් අල්ලයි

ජනතාවගේ ජීවිත පිළිබඳ සැලකිලිමත් වෙමින් ප්‍රමිතියෙන් තොර හෙල්මට් සම්බන්ධයෙන් වැටලීම් 98 ක් පසුගිය දින කිහිපය තුළ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහිදි හෙල්මට් 431 ක් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය කරගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා දෙකක් කොළඹ අවටින් හදුනාගෙන ඒවායෙහි තිබී ප්‍රමිතියෙන් තොර හෙල්මට් 3520 ක් සොයා ගත් බවයි පාරිභෝගික කටයුතු … ජීවිත අනතුරේ හෙළු බාල හෙල්මට් වැටලීමක් – හෙල්මට් 3500 කට වැඩි ගණනක් අල්ලයි

ළඟදීම එන්න යන ඩෙංගු වැක්සින් එක ගැන නලින්දගෙන් ඉඟි – පෞද්ගලික අංශයට ගෙන ඒමටත් අවසර

ඩෙංගු එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඊට අනුමැති ලැබුණු වහාම පෞද්ගලික අංශයට මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වොල්බැචියා ව්‍යාපෘතිය ද වසර එක හමාරක කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත … ළඟදීම එන්න යන ඩෙංගු වැක්සින් එක ගැන නලින්දගෙන් ඉඟි – පෞද්ගලික අංශයට ගෙන ඒමටත් අවසර

මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන පිරිස ගැන අනාවරණයක්

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ වැටලීම් 55 ක් සිදු කර සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන හතරයි දශම පහක් වන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට අඩු වයස්වල පිරිස් වර්තමානයේ වැඩි වශයෙන් යොදා ගන්නා බවත් මත්ද්‍රව්‍ය රැගෙන එන අයට සමාජරෝග ඇති බවත් එහිදී අනාවරණ වූ … මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන පිරිස ගැන අනාවරණයක්

හරක් කටා ගැන කොළඹ මහාධිකරණය ගත් තීරණය

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී … හරක් කටා ගැන කොළඹ මහාධිකරණය ගත් තීරණය

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන ආණ්ඩුව ඇතුළේ පිල් බෙදීමක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම පරපස්පර අදහස් ඉදිරිපත්වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම යෝජනාවට ජාතික ජනබලවේගයෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි වාර්තා වුණේ. ඒ පිළිබද සහ දේශපාලන වේදිකාවේ පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ද ඇතුළත් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයේ තොරතුරු පහතින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම … විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන ආණ්ඩුව ඇතුළේ පිල් බෙදීමක්

පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේදී තත්පර දශම කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කමක් ගිලිහී යයි

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව තත්පර දශම කිහිපයකින් ගිලිහී ගියා. ඒ පැරා මීටර් 100 T47 කාන්තා ධාවන ඉසව්වේදී. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු ජනනි ධනංජනා ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද දක්වමින් තත්පර 12යි දශම 5යි 0ක කාලයකින් තරඟය නිමා කලා. ඒ අනුව ඇයට හිමිවූයේ 4 … පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේදී තත්පර දශම කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කමක් ගිලිහී යයි

අපේ රුමේෂ් අවසන් වටයට උඩින්ම සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් බලාපොරොත්තුව රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම අද පැවති මූලික තරගවලදී විශිෂ්ට දක්ෂතා දක්වමින් එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. අද පැවති මූලික වටයේ තරඟයේදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 82යි සෙන්ටිමීටර් 84ක්. මෙය මූලික වටයේ ක්‍රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාවද වනවා.

මහනුවර ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකුට පහරදීමක්

මහනුවර ප්‍රධාන පෙලේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකුට එම විදුහලේ ශිෂ්‍ය ⁣නායකයන් සිව් දෙදෙනකු පහර දී තිබෙනවා. එහිදි තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි කටුගස්තොට පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලීසිය පැවසුවේ. මේ … මහනුවර ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකුට පහරදීමක්

පිල්ලයන්ගේ පෙත්සමක් කැඳවීමට දින දෙයි

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා.