Nishan Neth News

ගිය වසරේ එක් වූ කාවාඩි කණ්ඩායම්වලට මෙවර දෙවිනුවර පෙරහැරට එක්වන්න අවසර

  දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවාඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදීයී. එම විශේෂ සාකච්ඡාව මාතර දිසාපති කාර්යාලයේදී පස්වරුවේ පැවැත්වුණා. ඊට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, … ගිය වසරේ එක් වූ කාවාඩි කණ්ඩායම්වලට මෙවර දෙවිනුවර පෙරහැරට එක්වන්න අවසර

“සුපිළිපන් සංස්කෘතියක් – Clean ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද දිවුරුම් දෙයි

“සුපිළිපන් සංස්කෘතියක් – Clean ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද අද දිවුරුම් දුන්නා. පොලිස් මූලස්ථානය ප්‍රධානව දිවයිනේ සෑම පොලිස් කොට්ඨායකම රාජකාරි ඉටුකරන පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන්  ඊට අදාල දිවුරුම් දීම සිදුකළා. ජනාධිපති ලේකම් කාර්යාලය හා Clean ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව  ජූලි මස 31 වන දිනය දක්වා ප්‍රකාශයට පත්කළ ජාතික සුපිළිපන් සතිය අදින් … “සුපිළිපන් සංස්කෘතියක් – Clean ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද දිවුරුම් දෙයි

Stf වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරේ

​පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය වන stf.lk අද (27) දින නිල වශයෙන් අන්තර්ජාලයට දියත් කෙරුණා. ​විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේදී පැවැති මෙම උත්සවය සඳහා විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා ප්‍රධානත්වය පැවැත්වුණා. ​විශේෂ කාර්ය බලකායේ විශේෂිත ඒකක, කඳවුරු පිහිටීම, නිල නිවේදන සහ ටෙන්ඩර් කැඳවීම් වැනි තොරතුරු මහජනතාව වෙත … Stf වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරේ

සුරේෂ් සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවීමට නියෝග

  රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම හෙට (28) දින යළි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම අද (27) … සුරේෂ් සලේගේ රිට් පෙත්සම හෙට යළි කැඳවීමට නියෝග

කොළඹ – පුත්තලම පෞද්ගලික බස් රථ වර්ජනයක

කොළඹ – පුත්තලම පෞද්ගලික බස් රථ සේවකයන් ධාවනයෙන් ඉවත්ව අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළා. සේවකයින්ට සිදුවූ පහරදීමකට විරෝධය පළ කරමින් සහ එම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස වැඩවර්ජනයේ යෙදී සිටින්නේ. ඇතැම් බස් රථ නීතිවිරෝධීව ධාවනයේ යෙදෙන බවද ඒ සම්බන්ධයෙන්ද පොලීසිය හෝ ජාතික … කොළඹ – පුත්තලම පෞද්ගලික බස් රථ වර්ජනයක

අමෙරිකාවේ වෙඩි තැබීමක් – වසර තුළ සමූහ වෙඩි තැබීම් 271

අමෙරිකාවේ සැටල් නගරයේ සුප්‍රසිද්ධ ස්පේස් නීඩ්ල් කුළුණ අසල පැවැති ආහාර ප්‍රදර්ශනයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි අමෙරිකානු මාධ්‍ය පවසන්නේ. කුඩා දරුවෙකු ද ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සැටල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නගරාධිපති කේටි විල්සන් පවසන්නේ. සැකකරුවන් දෙදෙනෙකු … අමෙරිකාවේ වෙඩි තැබීමක් – වසර තුළ සමූහ වෙඩි තැබීම් 271

රිමාන්ඩ් කළ හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු සැකකරුවන් පස් දෙනාට ඇප

මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ වැඩිදුර විභාගය සඳහා සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ශරීර ඇප … රිමාන්ඩ් කළ හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු සැකකරුවන් පස් දෙනාට ඇප

” සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් ආණ්ඩුවෙන් අලුත්වැඩක් – සේවකයන් එක්ක මැති ඇමතිලත් දිවුරුම් දෙති

”සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ජාතික සුපිලිපන් සතිය අද සිට ආරම්භ වුණා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මකයි. එම වැඩසටහන ජූලි 31 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව ”ජාතික සුපිලිපන් සතිය” අද පෙරවරු … ” සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් ආණ්ඩුවෙන් අලුත්වැඩක් – සේවකයන් එක්ක මැති ඇමතිලත් දිවුරුම් දෙති

බිත්තර මිල තවත් ඉහළට

බිත්තර මිල අද සිට තවත් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. බඩ ඉරිඟු හිඟය සහ අධික උෂ්ණත්වය නිසා බිත්තර නිෂ්පාදනය කැපීපෙනෙන ලෙස අඩුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව මිල වැඩි නොකර කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ද  සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවා. සෙසු … බිත්තර මිල තවත් ඉහළට